දින 28 වයසැති තම සිගිතියව පන පිටින් ගෙවත්තේ වල දැමුවේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් සිගිතියගේ මව සැකපිට හැටන් පොලිසිය මගින් අද (03) අත්අඩංගුවට ගත් බව හැටන් මුලස්ථාන ප්‍රධාන පොලිස් පරික්ෂක එ.එල්.එම් ජෙමිල් මහතා පාවසනවා.
හැටන් පොලිස් වසමට අයත් යුනිෆිල්ඩ් වතුයායේ පදිංචි සැකකාරිය (02) දින පෙරවරු 11 ට පමණ සිගිතිට මව් කිරි දි නිදි කරවා පසුව ගෙවත්තේ කැලි කසල බැහැර කිරිම සඳහා කපා තිබු වලකට දමා පස් වලින් එම වල වසා දමා ඇති බවයි හැටන් පොලීසිය පැවසුවේ.
සිගිතිය නිවසේ නොමැති බව එම නිවසේ පදිංචිව සිටි සැකකාරියගේ මව සහ ඥාතින් සොයා බලා ඇති අතර, සැකාකාරිය විසින් ඔවුන්ට පවසා ඇත්තේ සිගිතියව තම ගෙවත්තේ වල දැමු බවයි .
සැකකාර 28 හැවිරිදි කාන්තාවගේ මව සහ ඥාතින් එක්ව සිගිත්තියගේ සිරුර ගොඩ ගෙන මව් කිරි දෙමින් සිටියදි සිගිතිය එක වරම ජිවිතක්ෂයට පත් වු බව පවසමින් සිගිතියගේ සිරුර කොටගල ප්‍රාදේශිය රෝහල වෙත භාරදි සිගිතියගේ මවද රෝහල වෙත ඇතුලත් කර ඇත.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් හැටන් පොලිසියේ අපරාධ විමර්ෂණ අංශයේ ස්ථානාධිපති උ.පො.පා ප්‍රදිප් මහතා ඇතුළු නිලධාරින් පිරිසක් විසින් සිදු කරන ලද පොලිස් පරික්ෂණයකදි මිය ගිය සිගිතියගේ ගෙල වටා පස් තැවරි ඇති බවට අනාවරණය විමත් සමග සැකකාරිනියගෙන් දිගින් දිගටම කරන ලද ප්‍රශ්න කිරිමකදි තම සැමියා සමග මාසයක පමණ කාලයක් පවතින ආරවුලක් හේතුවෙන් සිගිතියව පස් දමා පන පිටින් වැලළු බව සැකකාරිනිය විසින් පොලිසියට පාපොච්චාරණය කර ඇති බවයි විමර්ෂණ සිදු කරන නිලධාරින් කියා සිටියේ .
මෙම ඝාතනයට අනුබල දිම සහ වසන් කිරිම සම්බන්ධයෙන් සැකකාර කාන්තාවගේ මවද හැටන් පොලිසිය මගින් ඊයේ (03) සැකපිට අත්අඩංගුවට ගෙන තිබෙනවා.
සැකකාර කාන්තාවගේ සැමියා මහනුවර ප්‍රදේශයේ කුලිකරුවෙකු වශයෙන් සේවය කරන බවත්, මෙම ඝාතනය සිදු වන අවස්තාවේ සැමියා නිවසේ නොසිටි බවත් පොලිසිය පවසනවා.
මියගිය සිගිතිය සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරික්ෂණය දික්ඔය මුලික රෝහලේදි සිදු කිරිමට නියමිත අතර සැකපිට අත්අඩංගුවට ගත් සැකකාරිනියන් දෙදෙනා හැටන් මහේස්‍ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කරන බව හැටන් පොලිසිය පැවසුවා.