News Line| Off Air
Generic placeholder image

Jan
7

එජාපයේ පොදු අපේක්ෂකයා නැෂනල් අඳින, ඇස් කණ්නාඩි දාන, ටිකක් උස කෙනෙක්ලු

1049 Views


එජාපයේ පොදු අපේක්ෂකයා නැෂනල් අඳින, ඇස් කණ්නාඩි දාන, ටිකක් උස කෙනෙක්ලු

කල් දමා තිබෙන පළාත් සභා මැතිවරණය වහාම පවත්වන ලෙස ආණ්ඩුවට අභියෝග කරන බව එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් සොයිසා මහතා ඊයේ(06දා) ඇඹිලිපිටියේ පැවති මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කරා.

එසේම ඉදිරියේදී එන ජනපතිවරණයටත් එක්සත් ජාතික පක්ෂය පොදු අපේක්ෂකයෙක් ඉදිරිපත් කරන බවත් ඔහු පිළිබඳව ඉඟියකුත් මෙහිදී මන්ත්‍රිවරයා ලබාදුන්නේය.

“ලබන සැරේත් එක්සත් ජාතික පෙරමුණ නියෝජනය කරමින් ජනාධිපති පොදු අපේක්‍ෂකයා වෙන්නේ එක්සත් ජාතික පක්‍ෂයේ කෙනෙක් නොවන බව අපි කියනවා. සමහරවිට ඔහු නැෂනල් අඳින, ඇස් කණ්නාඩි දාන, ටිකක් උස කෙනෙක් වෙන්න ඉඩ තියනවා.”


News Articles
Latest Videos
Most Popular Post