News Line| Off Air
Generic placeholder image

Jan
7

තරගයට පෙර ශ්‍රී ලංකා කණ්ඩායමේ වෙනස්කම් කිහිපයක්

1145 Views


තරගයට පෙර ශ්‍රී ලංකා කණ්ඩායමේ වෙනස්කම් කිහිපයක්

හෙට දින (08) පැවැත්වෙන 03 වන එක්දින තරගයේදී ශ‍්‍රි ලංකා සහ නවසීලන්ත කණ්ඩායම්වල වෙනස්කම් කිහිපයක්ම සිදු වනු ඇතැයි කී‍්‍රඩා මාධ්‍ය වාර්තා කරනවා.

ඒ අනුව ශ‍්‍රි ලංකා කණ්ඩායමට දසුන් ශානක සහ දුෂ්මන්ත චමීර එක්වනු ඇති බවටයි වාර්තා පළ වන්නේ. ඒ, අසේල ගුණරත්න සහ සීකුගේ ප‍්‍රසන්න වෙනුවටයි.

එමෙන්ම හෙට දින තරගය කුසල් මෙන්ඩිස්ට ද ලකුණු අතරට පැමිණිය යුතු වැදගත් තරගයක්. ඒ ඔහු මාස 18ක් තිස්සේ එක්දින පිටියේ දුර්වල කී‍්‍රඩා විලාශයක් පෙන්නුම් කිරීම හේතුවෙන්. ගතවූ එක්දින තරග 25දී කුසල් මෙන්ඩිස් රැස් කර ඇත්තේ එක් අර්ධ ශතකයක් පමණයි.

මේ අතර නවසීලන්ත කණ්ඩායමේ වේග පන්දු බලඇණියේද වෙනස්කම් දෙකක් හෙට තරගයේදී සිදුවනු ඇති බව කී‍්‍රඩා මාධ්‍ය වාර්තා කළා.


News Articles
Latest Videos
Most Popular Post