News Line| Off Air
Generic placeholder image

Jan
7

නව වසරේ පළමු පාර්ලිමේන්තු සැසිය ඇරඹීමට පෙර මෛත්‍රි – මහින්ද මන්ත්‍රිවරු සමග සාකච්ඡාවක

437 Views


නව වසරේ පළමු පාර්ලිමේන්තු සැසිය ඇරඹීමට පෙර මෛත්‍රි – මහින්ද මන්ත්‍රිවරු සමග සාකච්ඡාවක

එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පාර්ලිමේන්තු කණ්ඩායමේ සාමාජිකයින්ගේ සහභාගීත්වයෙන් විශේෂ සාකච්ඡාවක් අද (07) පැවැත්වෙනවා. ඒ, ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතාගේ ප‍්‍රධානත්වයෙනුයි. ඒ සඳහා විපක්ෂනායක මහින්ද රාජපක්ෂ මහතා ද සහභාගී වීමට නියමිතව තිබෙනවා.

එහිදී වර්තමාන දේශපාලන තත්ත්වය පිළිබඳ සාකච්ඡා කිරීමට සූදානම් බවයි පාර්ලිමේන්තු මන්තී‍්‍ර චන්දිම වීරක්කොඩි මාධ්/ය වෙත කියා සිටියේ.

ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ පිරිසක් අයවැයේදී ආණ්ඩුවට සහය දැක්වීමේ සූදානමක් තිබෙන බවට වන වාර්තා සම්බන්ධයෙන් ද මාධ්‍ය මෙහිදී විමසීමක් කළා.

එහිදී සඳහන් කළේ සිය පක්ෂයේ සාමාජිකයින් අවශ්‍ය නොවන බවත් එක්සත් ජාතික පක්ෂයේම මන්ත්‍රිවරුන්ගේ සහය නොලැබීම තුළ අයවැය පරාජයවීමට ඉඩ තිබෙන බවයි.

නව වසරේ පළමු පාර්ලිමේන්තු සැසිය හෙට (08) ආරම්භ වීමට නියමිතයි. මෙහිදී සාකච්ඡා කිරීමටයි නියමිතව ඇත්තේ ඒ පිිළිබඳවයි.


News Articles
Latest Videos
Most Popular Post