News Line| Off Air
Generic placeholder image

Jan
7

වතුකර ජනයාට විකල්පයක් , ලොවක් දන්න දඟපන්දු ක්‍රීඩකයෙක් දේශපාලනයට ?

534 Views


වතුකර ජනයාට විකල්පයක් , ලොවක් දන්න දඟපන්දු ක්‍රීඩකයෙක් දේශපාලනයට ?

ශ්‍රී ලංකාවෙන් බිහි වූ ලොවක් ගරු කරන ලංකාවෙ අපිත් ජාති භේදයකින් තොරව ආදරය කරන චරිතයක් ඉදිරියේදී දේශපාලනයට පිවිසෙන බව සියත 24 අපට අභ්‍යන්තර දේශපාලන ආරංචි මඟින් දැනගන්නට ලැබුණා. ඒ නුවරඑළියේ දිස්ත්‍රික්කය නියෝජනය කරමින්.

මේ වන විට නුවරඑළියේ දිස්ත්‍රික්කය නියෝජනය කරන ප්‍රබල චරිත දෙකක් වන්නේ තොණ්ඩමන් මන්ත්‍රීවරයා සහ දිගම්බරන් ඇමතිවරයායි. නමුත් ඔවුන්ට ප්‍රබල අභියෝගයක් වෙමින් මේ ක්‍රීඩකයා දේශපාලනයට පිවිසෙන්නේ නුවරඑළිය දිස්ත්‍රික් ජනතාවගේ විකල්ප බලාපොරොත්තුවක් ලෙස බවයි කියවෙන්නේ.

මේ දිනවලදී මෙහි මූලික මට්ටමේ සාකච්ඡා පවත්වන බවද දේශපාලන අභ්‍යන්තර ආරංචි මාර්ග පවසා සිටියා. ඉදිරියේදී බිහිවන පුළුල් සන්ධානයකින් ඔහු තරඟ වදීමට නියමිත බවත් ඒ ආරංචි මාර්ග පවසා සිටියා.

නමුත් පසුගිය දිනවලදී මාධ්‍යය දිගින් දිගටම මෙම ක්‍රීඩකයාගෙන් දේශපාලනයට පැමිණෙනවාදැයි විමසූ විට ඔහු කියා සිටියේ තමන්ට ඒ ආකාරයේ කිසිදු බලාපොරොත්තුවක් නොමැති බවයි.


News Articles
Latest Videos
Most Popular Post