News Line| Off Air
Generic placeholder image

Jan
7

“හෙට ජනවාරි 08” – එජාපයෙන් මතක් කිරීමක්

1030 Views


“හෙට ජනවාරි 08” – එජාපයෙන් මතක් කිරීමක්

ජනාධිපතිවරයාගේ ප‍්‍රධානත්වයෙන් කැබිනට් රැස්වීම අද (07) දිනයේ පැවැත්වෙනවා.

සාමාන්‍යයෙන් කැබිනට් රැස්විම පැවැත්වෙන්නේ සෑම සතියකම අගහරුවාදා දිනයේයි.

නමුත්, හෙට (08) දිනයට නියමිත විශේෂ වැඩසටහන් කිහිපයක් හේතුවෙන් අද දිනයේ කැබිනට් රැස්වීම පවත්වන බව අමාත්‍ය දයා ගමගේ ප‍්‍රකාශ කළා.

ඉදිරි මැතිවරණ පැවැත්වීමේ සූදානම පිළිබඳව ද මෙහිදී විමසීමක් කළා.

එහිදී ” ජනාධිපතිතුමාගේ පදවි ප්‍රාප්තිය හේතුවෙන් කැබිනට් මණ්ඩල රැස්වීම අද දිනට නියමිත කළා. ජනාධිපතිතුමා ඉල්ලනවා නම් ජනවාරි 08 වැනිදායින් පසුව ජනාධිපතිවරණයකට යන්න පුලුවන්. එක්සත් ජාතික පක්ෂය හැටියට අපි පෙරමුණක් හදලා ඕනම මැතිවරණයක් ජයග්‍රහණය කරන්න පුළුවන් වෙන්න සංවිධානය කරගෙන යනවා.” යනුවෙන් ප්‍රකාශ කළා.

රට ආර්ථික වශයෙන් ශක්තිමත් කිරීම වත්මන් ආණ්ඩුවේ ප‍්‍රමුඛ කටයුත්ත වී ඇති බවයි අමාත්‍ය දයා ගමගේ වැඩිදුරටත් ප‍්‍රකාශ කළේ.


News Articles
Latest Videos
Most Popular Post