News Line| Off Air
Generic placeholder image

Jan
7

පළාත් 3කට නව ආණ්ඩුකාරවරු , දකුණ පුටුව තවමත් හිස් ?

1068 Views


පළාත් 3කට නව ආණ්ඩුකාරවරු , දකුණ පුටුව තවමත් හිස් ?

උතුර, සබරගමුව සහ ඌව පළාත් සඳහා නව ආණ්ඩුකාරවරු තිදෙනෙක් පත් කර තිබෙනවා.

පත් කෙරුණු නව ආණ්ඩුකාරවරු අද (07) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරියේ දිවුරුම් දී තිබෙනවා.

මේ අනුව උතුරු පළාත් ආණ්ඩුකාරවරයා ලෙස ආචාර්ය සූරේන් රාඝවන් මහතා ද, සබරගමුව පළාත් ආණ්ඩුකාරවරයා ලෙස ආචාර්ය ධම්ම දිසානායක මහතා හා ඌව පළාත් ආණ්ඩුකාරවරයා ලෙස රජිත් කීර්ති තෙන්නකෝන් මහතා ද ජනාධිපතිවරයා ඉදිරියේ දිවුරුම් දී තිබෙනවා.
පසුගිය සිකුරාදා දිනයේදී බස්නාහිර, මධ්‍යම, උතුරු මැද, වයඹ සහ නැගෙනහිර යන පළාත් සඳහා නව ආණ්ඩුකාරවරුන් පත් කෙරුණා..

ඒ අනුව අද දිනයේදී සෙසු පළාත් 04 සඳහා ද නව ආණ්ඩුකාරවරුන් පත් කිරීමට නියමිත බව වාර්තා වෙනවා.

කෙසේ වෙතත් දකුණු පළාත සඳහා මෙතෙක් ආණ්ඩුකාරවරයෙක් පත් කර නැහැ.


News Articles
Latest Videos
Most Popular Post