News Line| Off Air
Generic placeholder image

Jan
7

යළි කිසි දිනෙක අධ්‍යාපන අමාත්‍යාංශය භාර ගන්නේ නෑ

829 Views


යළි කිසි දිනෙක අධ්‍යාපන අමාත්‍යාංශය භාර ගන්නේ නෑ

තමන් යළි කිසිදිනෙක අධ්‍යාපන අමාත්‍යාංශය භාර ගන්නේ නැති බව එක්සත් ජනතා නිදහස් සන්ධාන කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී, ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා ඊයේ (06දා) පැවති මාධ්‍යය හමුවකදී ප්‍රකාශ කරා.

තමන් ඉගෙන ගත් නිදහස් අධ්‍යාපන ක්‍රමයට, පාසල්වලට හෝ විශ්වවිද්‍යාලවලට අගෞරවයක් වීමටඉඩ නොතබන බවද මන්ත්‍රීවරයා ප්‍රකාශ කළේය.

රජයේ පාසල්වල විභාග ප්‍රතිඵල සමග ජාත්‍යන්තර පාසල්වල විභාග ප්‍රතිඵල ඒකාබද්ධ කිරීමෙන් ගම්බද පාසල් සිසුන්ටබලවත් අසාධාරණයක් සිදුවන බවද ඒ මහතා ප්‍රකාශ කළේය.

පුංචි බොරැල්ල වජිරාශ්‍රමයේ පැවැති මාධ්‍ය හමුවකදී වැඩි දුරටත් අදහස් දැක්වූ බන්දුල ගුණවර්ධන මහතා,

“මම අධ්‍යාපන අමාත්‍යවරයා ලෙස කටයුතු කරන සමයේදී රජයේ අධාර ලබන පෞද්ගලික පාසල් 78ක් තිබුණා. මෙය 105 දක්වා වැඩි වුණේ කෙසේදැයි වෙනමම සෙවිය යුතුයි. මේවායේ ලක්‍ෂ හතළිස්තුනකට ආසන්න සිසුන් පිරිසක් අධ්‍යාපනය ලබනවා”

නිදහස් අධ්‍යාපනයක් ක්‍රියාත්මක වෙන අපේ රටේ පෞද්ගලික පාසල් හා ජාත්‍යන්තර පාසල් ඒ ක්‍රමයට ඇතුළත් වන්නේ නැහැ. සමාගම් පනත යටතේ ඕනෑම කෙනෙකුට පෞද්ගලික පාසලක් ආරම්භ කරන්න පුළුවන්.ජාත්‍යන්තර පාසල්වල විභාග ප්‍රතිඵල රජයේ පාසල්වල විභාග ප්‍රතිඵල සමග සංසන්දනය කිරීමෙන් ගම්බද සිසුන්ට බලවත් අසාධාරණයක් සිදුවෙනවා.

ඒවායේ අධ්‍යාපනය ලබන සිසුන් සමග අබමල් රේණුවක තරම්වත් තරහක්, වෛරයක් මගේ සිතේ නැහැ. ජාත්‍යන්තර පාසල්වල විභාග ප්‍රතිඵල සමග රජයේ පසාල්වල විභාග ප්‍රතිඵල එකාබද්ධ කරන්න විභාග කොමසාරිස්වරයාට කිසිම අයිතියක් නැහැ.මම මේ ගොඩනගන තර්කය ඕනෑම කෙනෙක්ට ඕනෑම ආකාරයකට අර්ථකථනය කරගන්න පුළුවන්.

මම මේ රටේ නිදහස් අධ්‍යාපනයෙන් ඉගෙන ගත්ත කෙනෙක්. හිටපු අධ්‍යාපන ඇමතිවරයෙක්. නමුත් මම ආයෙමත් කවදාවත් අධ්‍යාපන අමාත්‍යාංශය භාරගන්නේ නැහැ. කවදාවත් මම ඉගෙන ගත්ත නිදහස් අධ්‍යාපන ක්‍රමයට හෝ පාසල්වලට, විශ්වවිද්‍යාලවලට අගෞරවයක් වෙන්න මම ඉඩ තියන්නේ නැහැ. කවුරු කොහොම කිවුවත් නිදහස් අධ්‍යාපනය සුරක්‍ෂිත කළ යුතුයැයි කියන මතයේ මම ඉන්නවා” යනුවෙන් පවසා සිටියේය.


News Articles
Latest Videos
Most Popular Post