News Line| Off Air
Generic placeholder image

Jan
7

ත්‍රීපෝෂ දරුවන්ට දිගටම, රාජිත කියයි

1206 Views


ත්‍රීපෝෂ දරුවන්ට දිගටම, රාජිත කියයි

නිසි ප්‍රමිතියෙන් යුත් “ත්‍රීපෝෂ” දරුවන්ගේ පෝෂණය වර්ධනය කිරීම සඳහා අඛණ්ඩව ලබාදෙන බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා පවසනවා.

විවිධ හේතු මත “ත්‍රීපෝෂ” නිෂ්පාදන ක්‍රියාවලිය නතර වුවහොත් දරුවන්ගේ සහ ගැබිණි සහ කිරිදෙන මව්වරුන්ගේ පෝෂණය මන්දගාමී වන බව සෞඛ්‍ය අමාත්‍යවරයා අවධාරණය කර සිටිනවා.

දේශපාලන අර්බුදය පැවැති දින 53 තුල ඖෂධ නිසි පරිදි රෝහල් වලට ලබානොදීම හේතුවෙන් ඖෂධ හිඟයක් රට තුළ නිර්මාණය වූ බව සෞඛ්‍ය අමාත්‍යවරයා පෙන්වා දෙනවා.

සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශයේ හිටපු ලේකම් බී.ජී.එස් ගුණතිලක මහත්මිය “ත්‍රීපෝෂ” සමාගමේ නව සභාපතිනිය ලෙස රාජකාරී කටයුතු ආරම්භ කළ අවස්ථාවට අද (07) එක්වෙමින් සෞඛ්‍ය අමාත්‍යවරයා මේ බව පැවසුවා.
උත්සවය “ත්‍රීපෝෂ” සමාගමේ ජා-ඇල ප්‍රධාන කාර්යාලයේ දී පැවැත්විනි.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ සෞඛ්‍ය අමාත්‍යවරයා මේ බව පැවසුවා.

“නව සභාපතිනිය ප්‍රාදේශීය ලේකම්වරියක්, අතිරේක ලේකම්වරියක් සහ අමාත්‍යාංශ ලේකම්වරියක් මෙන්ම තවත් රාජ්‍ය ආයතන රැසක තනතුරු හොඹවා තිබෙනවා. “ත්‍රීපෝෂ” ආයතනය පසුගිය කාලයේ නව ආයෝජනයක් ලෙස “සුපෝෂ” වෙළෙඳපොලට හදුන්වා දුන්නා. දේශීය තරඟකාරී වෙළෙඳපොල තරණය කිරීමට “සුපෝෂ” නිෂ්පාදනයට හැකි වුනා.

දින 53 ක් පුරා පැවැති දේශපාලනය අර්බුදය හේතුවෙන් සෞඛ්‍ය ක්ෂේත්‍රයට වසර 02 ක පමණ පාඩුවක් සිදුව තිබෙනවා. රෝහල්වල ඇති වූ ඖෂධ හිඟය ඉන් ප්‍රධානයි. දැනට ඖෂධ වර්ග 200 ක පමණ හිඟයක් තිබෙනවා.

එම හිඟ ඖෂධ කඩිනමින් ආනයනය කර හිඟය අවසන් කිරීමට මම පියවර ගෙන තිබෙනවා. නව සභාපතිතුමිය සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම්ධූරය හොඹවන කාලයේ කාන්තාවක් වුවත් දැඩි තීන්දු තීරණ ගනිමින් පරිපාලන කටයුතු සිදු කරනු ලැබුවා.”


News Articles
Latest Videos
Most Popular Post