මන්නාරම සිට පුත්තලම සහ කොළඹ හරහා බලපිටිය දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප‍්‍රදේශවල සුළගේ වේගය වැඩිවිය හැකි බවට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබෙනවා.
මාතර සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප‍්‍රදේශවල ද සුළගේ වේගය වැඩිවිය හැකි බවටයි මෙමගින් අනතුරු අඟවා තිබෙන්නේ. මෙම මුහුදු ප‍්‍රදේශවල සුළෙගේ වේගය පැයට කිලෝමීටර් 50ක් පමණ දක්වා වැඩිවිය හැකි බවද කාලගුණ අනාවැකියේ දැක්වෙනවා. මෙහිදී ධීවර සහ නාවික ප‍්‍රජාව ඒ පිළිබඳ විමසිලිමත් විය යුතුයි.