News Line| Off Air
Generic placeholder image

Jan
8

පාර්ලිමේන්තුව රැස්වන පළමු දිනයේදීම විවාද

494 Views


පාර්ලිමේන්තුව රැස්වන පළමු දිනයේදීම විවාද

2019 නව වසර සඳහා පාර්ලිමේන්තුව රැස්වන පළමු දිනය වන අද (08) තානාපති වරප‍්‍රසාද පිළිබඳ විවාදයක් පැවැත්වීමට නියමිතයි.

කල් තැබීමේ විවාදය ලෙස වතු කම්කරුවන්ගේ වැටුප් පිළිබඳව ද සාකච්ඡා කිරීමට නියමිතයි.

ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ තරුණ පෙරමුණේ සභාපති ශාන්ත බණ්ඩාර පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරයෙකු ලෙස දිවුරුම් දීමද අද සිදු කිරීමට නියමිතව තිබෙනවා. ඔහු පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරයෙකු ලෙස පත්කරනු ලැබ ඇත්තේ එම්. එල්. ඒ. එම්. හිස්බුල්ලාගේ ඉල්ලා අස්වීමෙන් ඇති වූ පුරප්පාඩුව සඳහායි.

පස්වරු 01.00ට පාර්ලිමේන්තුව රැස්වීමට නියමිතව තිබෙනවා. මේ අතර පස්වරු 03.00ට පක්ෂ නායක රැස්වීමක් ද පැවැත්වීමට නියමිතයි. මෙම සතියේ ඉදිරි පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ එහිදී සාකච්ඡා කෙරෙයි.


News Articles
Latest Videos
Most Popular Post