News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jan
8

බලයක් නැති ‌‌ගොළුබෙල්ලන් විකුණන අයට නීතිය ඕන

662 Views


බලයක් නැති ‌‌ගොළුබෙල්ලන් විකුණන අයට නීතිය ඕන

සැපසම්පත් ලැබෙන බවට බොරු ප්‍රකාශ කරමින් කිසිම බලයක් නොමැති ගොළුබෙල්ලන් විකුණන පුද්ගලයින් පිළිබඳව තවදුරටත් නීතිය ක්‍රියාක්මක කළ යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී බිමල් රත්නායක මහතා ප්‍රකාශ කරා.

එසේම ජනතාවගේ සංඛ්‍යාත භාවිතා කරමින් මෙවැනි බොරු සමාජ ගතකිරීමට කටයුතු කරන කලු මාධ්‍ය වලල්ලට එරෙහිවද නීතිය ක්‍රියාත්මක කළ යුතු බව මන්ත්‍රීවරයා පැවසුයේ අද දින (08දා) පාර්ලිමේන්තුවේදීය.

වාලම්පුරි බව පවසමින් ව්‍යාජ වාලම්පුරි විකුණු කීර්ති නැමැති පුද්ගලයා අත්අඩංගුවට ගැනීමේ සිද්ධිය සම්බඳයෙන් අද (08දා) පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් මන්ත්‍රීවරයා මේ බව පැවසු අතර මෙසේද කීවේය.

“අපේ රටේ කළු මාධ්‍ය වළල්ලක් තිබෙනවා. ගොළුබෙල්ලෝ විකුණපු මාධ්‍ය ඒ අතර තිබෙනවා. උදේට පැය ගාණේ චැනල් 07 ක් අපේ රටේ දරුවන්ගේ අනාගතය අදුරු කරනවා. බෙරු උගන්වනවා. බෙලි කටුවලට ජීවිතය දිනන්න පුළුවන් කියලා කියන බොරුවට මිනිස්සු අහුවුණේ මේ විශාල ප්‍රචාරය නියා.

ජනතාවගේ විද්‍යුත් තරංග අරගෙන මේ වාලුම්පුරි ගොළුබෙල්ලො විකුණුවේ, බොරුව ව්‍යාපත් කළේ කලු මාධ්‍ය. කීරීතිගෙන් ඒ අය සල්ලි ගත්තා. මේ නිසා එයින් ජනතාව මංමුලාවුණාම කළු මාධ්‍යන්ගෙනුත් මුදල් අයකර ගත යුතුයි.”


News Articles
Latest Videos
Most Popular Post