වැලිකඩ බන්ධනාගාරයේ රැඳවියන් 27 දෙනෙකු 2012 වසරේ දී වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් හිටපු බන්ධනාගාර අධිකාරි එමිල් රංජන් ළමාහේවා අද දින (08) යළි රක්‍ෂිත බන්ධනාගාර ගත කෙරුණා. ඒ, කොළඹ ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කෙරුණු අවස්ථාවේදීයි.
සැකකරු ලබන 22 දා තෙක් තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට එහිදී නියෝග කෙරුණා.