News Line| Off Air
Generic placeholder image

Jan
8

විදුලි දුම්රිය මාර්ගය රඹුක්කන දක්වා දීර්ඝ කිරීමට සැලසුමක්

749 Views


විදුලි දුම්රිය මාර්ගය රඹුක්කන දක්වා දීර්ඝ කිරීමට සැලසුමක්

වේයන්ගොඩ සිට පානදුර දක්වා ඉදිකිරීමට සැලසුම්කර ඇති විදුලි දුම්රිය මාර්ග පද්ධතිය රඹුක්කන දක්වා දීර්ඝ කිරීමට රජය සැලසුම්කර තිබෙනවා.

මේ සඳහා වන ශක්‍යතා අධ්‍යයන සිදුකර ඇති අතර, මාර්ගයේ ඉදිකිරීම් කඩිනමින් ආරම්භකිරීමට හැකිවනු ඇතැයි ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා රාජ්‍ය අමාත්‍ය අශෝක් අබේසිංහ මහතා පැවසුවා.

නාරාහේන්පිට පිහිටි ලංකා ගමනාගමන මණ්ඩල මූලස්ථානයේ පැවැති මාධ්‍ය හමුවක අදහස් දක්වමින් ඊයේ (07දා) අමාත්‍යවරයා මේබව සඳහන් කළා.

විදුලි දුම්රිය පද්ධතිය සඳහා ආසියානු සංවර්ධන බැංකුවෙන් ඩොලර් බිලියන 600ක සහන ණයක් හිමිව ඇති බවත්, ඒ අනුව එහි ඉදිරි කටයුතු සිදුකරගෙන යන බවත් අශෝක් අබේසිංහ මහතා පැවසුවා.

මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා,

“වේයන්ගොඩ සිට පානදුර දක්වා නව විදුලි දුම්රියක් ඇති කරන්න සැලසුම්කර තිබෙනවා. මේවනවිට එය රඹුක්කන දක්වා දීර්ඝ කිරීමටත් සැලසුම්කර තිබෙනවා. මේසඳහා ආසියානු සංවර්ධන බැංකුවෙන් ඩොලර් බිලියන 600ක ණය අනුමත වී තිබෙනවා.

මෙහි ශක්‍යතා අධ්‍යයන වාර්තාව සකස්කිරීමට ඩොලර් බිලියනයක ආධාරයක් හිමිවුණා. එම ශක්‍යතාවාර්තාව අවසන්කර ඉඩම් පවරාගැනීම මේවනවිට සිදුකරමින් පවතිනවා. විදුලි දුම්රිය සඳහා ව්‍යාපෘති කාර්යාලයක් ඇතිකළා. තවත් වසර කිහිපයක් ඇතුළත විදුලි දුම්රිය ධාවන කිරීමට අපට හැකියාව ලැබෙයි.”


News Articles
Latest Videos
Most Popular Post