News Line| Off Air
Generic placeholder image

Jan
8

ETI නඩුව විභාගයට අවසර

1328 Views


ETI නඩුව විභාගයට අවසර

එදිරිසිංහ ට‍්‍රස්ට් මුල්‍ය සමාගම හෙවත් ඊ.ටී.අයි. මුල්‍ය සමාගමේ තැන්පත් කොට ඇති තමන්ගේ මුදල් ආපසු ගෙවීමට නියම කරන්නැයි ඉල්ලමින් එහි තැන්පතුකරුවන් පෞද්ගලිකව ඉදිරිපත් කොට ඇති පැමිණිල්ල විභාග කිරීමට කොළඹ ප‍්‍රධාන මහෙස්ත‍්‍රාත් ලංකා ජයරත්න මෙනවිය නියම කළා.
මෙම පෙත්සම ඉදිරිපත් කිරීමට පෙත්සම්කරුවන්ට නීතීමය බලයක් නොමැති බවට වගඋත්තරකාර පාර්ශවයෙන් ඉදිරිපත් කළ මුලික විරෝධතාවය ප‍්‍රතිෙක්‍ෂප කළ ප‍්‍රධාන මහෙස්ත‍්‍රාත් ලංකා ජයරත්න මෙනවිය මෙම පෙත්සම ලබන 21 වැනිදා සිට විභාග කිරීමට නියමකළා.
ඊ.ටී.අයි. මුල්‍ය සමාගමේ තැන්පතුකරුවන් පිරිසක් ඉදිරිපත් කොට ඇති මෙම පැමිණිල්ලේ වගඋත්තරකරුවන් ලෙස එදිරිසිංහ ට‍්‍රස්ට් මුල්‍ය සමාගමේ අධ්‍යක්‍ෂවරුන් වන ජීවක එදිරිසිංහ, නාලක එදිරිසිංහ, දීපා එදිරිසිංහ සහ අසංක එදිරිසිංහ නමැත්තන් නම් කොට තිබෙනවා.
ඊ.ටී.අයි. මුල්‍ය සමාගමේ තැන්පත් කොට ඇති තමන්ගේ මුදල් ආපසු ගෙවීමට වගඋත්තරකරුවන්ට නියම කරන්නැයි ඉල්ලමින් එහි තැන්පතුකරුවන් පිරිසක් මෙම පැමිණිල්ල ඉදිරිපත් කොට තිබිණා.

මෙම පෙත්සම ලබන 21 වැනිදා සිට විභාග කිරීමට තීරණය කළ මහෙස්ත‍්‍රාත්වරිය එදින මෙම පැමිණිල්ල යළි කැදවීමටද නියම කළා.


News Articles
Latest Videos
Most Popular Post