News Line| Off Air
Generic placeholder image

Jan
8

2019 ට රුපියල් බිලියන 2160 ක අයවැය හිගයක්

669 Views


2019 ට රුපියල් බිලියන 2160 ක අයවැය හිගයක්

2019 වසර සඳහා වූ විසර්ජන පනත් කොටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරිමට කැබිනට් අනුමැතිය ලැබී තිබෙනවා

මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවිර මහතා මෙම යෝජනාව කැබිනට් මණ්ඩලයට යොමුකර තිබෙනවා.

2019 වසරේදී රජය දැරීමට අපේක්ෂිත වියදම රුපියල් බිලියන 4550ක් වෙයි. එය රජයේ පොදු සේවාවන් සඳහා රුපියල් බිලියන 2312 ක්, රාජ්‍ය ණය සේවාකරණය, වැන්දඹු හා අනත්දරු විශ්‍රාම වැටුප් ගෙවීම් ඇතුළු දැනටමත් ඒකාබද්ධ අරමුදලෙන් ගෙවීමට බලය ලැබී ඇති වියදම් දැරීම සඳහා රුපියල් බිලියන 2232ක් හා රජයේ අත්තිකාරම් ගිණුම් සඳහා රුපියල් බිලියන 06කින්ද සමන්විත වෙනවා.

2019 වර්ෂය තුළදි අපේක්ෂිත රජයේ ආදායම හා විදේශ ප්‍රධානවල වටිනාකම රුපියල් බිලියන 2390කි. ඒ අනුව අයවැය හිඟය වන රුපියල් රුපියල් බිලියන 2160ක් ණය වශයෙන් ලබා ගත යුතු වෙනවා.

මේ පිළිබඳව අදහස් දවකවන මංගල සමරවීර මහතා ප්‍රකාශ කරන්නේ මෙවර ණය සේවාකරණය රුපියල් බිලින 2200ක් බවත් එය ඉතිහාසයේ ශ්‍රී ලංකාවට ගෙවීමට සිදුව ඇති ඉහළම අගයබවයි


News Articles
Latest Videos
Most Popular Post