News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jan
8

තිසර – මාලිංග ගැටුම අවසන්

1678 Views


තිසර – මාලිංග ගැටුම අවසන්

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නායක ලසිත් මාලිංගගේ සහ තුන් ඉරියව් ක්‍රීඩක තිසර පෙරේරාගේ භාර්යාවන් ෆේස්බුක් ඔස්සේ වාග් ප්‍රහාර එල්ල කර ගැනීමේ සිද්ධියට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මැදිහත්ව සමථයකට පත්කර තිබෙනවා.

ක්‍රිකට් ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී ඈෂ්ලි ද සිල්වා මහතා සියත 24 සමග කියා සිටියේ, නැවත එවැනි ප්‍රශ්නයක් ඇති නොවන බවත්, එම ගැටලුව සමථයකට පත්කළ බවත්ය.

සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දැක්වූ ප්‍රධාන විධායක නිලධාරීවරයා,

“අපි කණ්ඩායමේ සියලුම ක්‍රීඩකයන්ට කතා කළා. ඒ වගේම කණ්ඩායම සමග සිටින නිලධාරීන්ටත් කතා කළා. තිසර පෙරේරා අපි සමග මෙම ප්‍රශ්නය කතා කර විසඳා ගත්තා. නැවත එහෙම ගැටලුවක් ඇති නොවන ආකාරයට අපි ප්‍රශ්නය සමථයකට පත්කරලා තියෙනන” යැයි පවසා සිටියා.

මාලිංගගේ බිරිඳ මුලින්ම දැමූ ෆේස්බුක් සටහන

ඊට තිසරගේ බිරිද දැක්වූ ප්‍රතිචාරය


News Articles
Latest Videos
Most Popular Post