News Line| Off Air
Generic placeholder image

Jan
9

කොටගල රක්ෂිතයක ගින්නක් (PHOTOS)

750 Views


කොටගල රක්ෂිතයක ගින්නක් (PHOTOS)

පශු සම්පත් මණ්ඩලය යටතේ පාලනය වන හැටන් කොටගල රොසිටා ගොවිපලට අයත් රක්ෂිතයක අද (09) පස්වරුවේ ගින්නක් හට ගෙන ඇති බව දිඹුල පොලිසිය පවසනවා.

අද පස්වරු 2 ට පමණ හට ගත් එම ගින්නෙන් එම රක්ෂිතයේ අක්කර 25 වැඩි භුමි ප්‍රමාණයක් ගිනිගෙන විනාශ වි තිබෙනවා. වතු නිවාස පේලියකට ආසන්නයේ පිහිටි මෙම ගින්න සිඝ්රෙවයන් පැතිර යමින් පවති.

ගින්නෙන් අධි බලැති විදුලි රැහන් පද්ධතියකටද දැඩි බලපැමක් එල්ල වි තිබෙනවා.

මධ්‍යම කදුකරයේ බටහිර බැවුම් ප්‍රදේශ වලට මේ දිනවල පවතින දැඩි වියලි කාලගුණයත් පවතින දැඩි සුලං තත්ත්වයත් හමුවේ ගින්න සීඝ්‍රයෙන් පැතිර යමින් පවතිනවා.

කිසියම් පිරිසක් විසින් මෙම ඉලුක් සහිත රක්ෂිතයට ගිනි තබන්නට ඇති බව පොලිසිය සැකකරයි. ගින්න මැඩ පැවැත්විමට කටයුතු කරන ලෙසට පොලිසිය මගින් ගොවිපොල භාර නිලධාරින්ට දැනුම් දි තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post