News Line| Off Air
Generic placeholder image

Jan
9

ගොවියන්ගෙ දහදිය කඳුළු බදු මුදල් වලින් තමයි අපි පඩි ගන්නේ

428 Views


ගොවියන්ගෙ දහදිය කඳුළු බදු මුදල් වලින් තමයි අපි පඩි ගන්නේ

ගොවියාට සහන සලසන්නේ නොමැතිව මහජනතාවගේ මුදලින් වැටුප් ලබා ගන්නා කෘෂිකර්ම ක්ෂේත්‍රයේ රාජ්‍ය සේවකයින් විශාල අපරාධයක් සිදුකරන බවත් එසේ වැඩක් නොකොට ගොවියාගේ ලැබිය යුතු සහන ප්‍රමාද කොට ලබා දෙනවා නම් තමන් ලබා ගන්නා ජනතා වැටුප දෙවියන්ගේ සහල් කෑවා වැනි යයි කෘෂිකර්ම වාරිමාර්ග ‍ග්‍රාමීය සංවර්ධන අමාත්‍ය පී. හැරිසන් මහතා ප්‍රකාශ කරනවා.

මොරගහකන්ද කළු ගඟ ජලාශ ඉදිකිරීම් සමගාමීව ලග්ගල හරිත නගරයේ අභිනවයෙන් ඉදිකරන ලද ගොවිජන සේවා මධ්‍යස්ථානය ජනතා අයිතියට පත් කරමින් පැමිණ සිටි කෘෂිකර්ම නිලධාරීන් හමුවේ පැවැති රැස්වීමකදී ඒ මහතා මේ බව සඳහන් කළා.

මෙහිදී අදහස් දැක්වූ අමාත්‍යවරයා,

“අද කෘෂිකර්ම සේවකයන් පිළිබඳව කියන්න කණගාටුයි. ඇතැම් කෘෂිකර්ම පර්යේෂණ නිලධාරීන් ඉන්නවා ගොවියගෙ සහනාධාර පොහොර ටික නිසියාකාරව බෙදලා දෙන්නේ නෑ. අපි වෙනුවෙන් ගොවියන් මහ පොළොවත් සමඟ හැපිල අහිංසක විදිහට ජීවත් වෙන්නේ. ඒ අයගේ දහදිය කඳුළු බදු මුදල් වලින් තමයි අපි පඩි ගන්නේ. මෙතන ඉන්න සියලුදෙනාටම වැටුප් ගෙවනවා නිලධාරීන් හැටියට ඒ අයටත් විශාල වැටුපක් ගෙවනවා හැබැයි මේ මහ පොළොවත් එක්ක ඔට්ටු වෙන ගොවීන්ට කලට වෙලාවට පොහොර ටික ඔවුන්ගේ වගාවට එන රෝග වලට නිසි ප්‍රතිචාර දක්වන්න බැරි නම් අපේ යුතුකම ඉටු කරගන්න බැරි නම් ඒක මහා අපරාධයක්.

“මම අගමැතිතුමාට යෝජනා කළා ගොවීන්ට ලබාදෙන පොහොර ටික නොමිලේ දෙන්න කියලා සමහර සමාගම් වලට කෝටි ගණන් ණය කපා හරිනවා සමාගම් වලට සියයට අසූවකටත් වඩා වැඩි සහනාධාර දෙනවා මිලියන ගණනාවක් සමාගම්වලට සහන දීලා ගොවියාගෙනුත් අය කරනවා ගොවීන්ට පොහොර නොමිලේ දුන්නොත් තව තවත් ගොවීන් වගාවට පෙළඹෙයි” යනුවෙන් ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේය.


News Articles
Latest Videos
Most Popular Post