News Line| Off Air
Generic placeholder image

Jan
9

රියදුරු නැතිව ගිය ට්‍රැක්ටර් රථ අනතුරේ සම්පූර්ණ විස්තරය – CCTV දර්ශන සහිතයි

1335 Views


රියදුරු නැතිව ගිය ට්‍රැක්ටර් රථ අනතුරේ සම්පූර්ණ විස්තරය – CCTV දර්ශන සහිතයි

ධාවනය වෙමින් තිබූ අත්ට්‍රැක්ටර් රථයක් රියදුරුගේ පාලනයෙන් මිදී යෑමෙන් සිදුවු අනතුරක් පිළිබඳ මේ දිනවල සමාජ වෙබ් අඩවිවල හුවමාරු වෙමින් පවතිනවා. පුද්ගලයින් සිව් දෙනෙක්, කාන්තාවක් හා කුඩා ගැහැණු දරුවෙක් මෙම අත්ට්‍රැක්ටර් රථයේ ගමන් ගන්නා අතර, ටික දුරක් යන රියදුරාගේ අතින් හැඩලය ඉවත්ව යන ආකාරයයි සී.සී.ටීවි කැමරාවක සනිටුහන්ව තිබුණේ.

පසුව එය බෑවූමකට ඇඳීයන ආකාරයත් එහි දැක්වුණා.මෙය කටුවන, හිඟුරකන්ද, මැටිඅත්ත වංගුව ප්‍රදේශයේ පසුගිය දා සිදුව ඇති අතර, ඉන් පසුව අනතුරට ලක්වු කාන්තාව හා දරුවා තුවාල ලබා රෝහල් ගත කර ඇති බවද වාර්තා උනා.දරුවාගේ හිසට තුවාල සිදුව ඇති අතර, කාන්තාවගේ සුළු සීරීම් තුවාල දැකිය හැකි බවයි වැඩි දුරටත් දැනගන්නට ලැබුණේ.

අනතුර හේතුවෙන් අත්ට්‍රැක්ටරයට දැඩි අලාභානි සිදුව තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post