News Line| Off Air
Generic placeholder image

Jan
9

යුද, නාවික හමුදාපති වරුන්ගේ හමුවක්

1415 Views


යුද, නාවික හමුදාපති වරුන්ගේ  හමුවක්

නව නාවික හමුදාධිපතිවරයා වශයෙන් පත්වීම් ලද වයිස් අද්මිරාල් පියල් ද සිල්වා මහතා අද (09) යුද්ධ හමුදා මුලස්ථානයේදී, යුද්ධ හමුදාධිපති, ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක මහතා හමු වී තිබෙනවා.

එහිදී, යුද්ධ හමුදා විශේෂ සම්මාන ආචාර මුරයක් මඟින් නාවික හමුදාධිපතිවරයා පිළිගත් අතර, වයිස් අද්මිරාල් පියල් ද සිල්වා මහතා නාවික හමුදාධිපති දූරයේ වැඩ භාර ගැනීමෙන් අනතුරුව යුද්ධ හමුදාධිපතිවරයා හමුවූ පළමු නිල හමුව බවට මෙය සනිටුහන් වෙනවා.

එහිදී, යුද්ධ හමුදාධිපතිවරයා විසින් ශ්‍රී ලංකා‍ නාවික හමුදාවේ 23 වන නාවික හමුදාධිපතිවරයා වශයෙන් පත්වීම් ලද අභිනව නාවික හමුදාධිපතිවරයා වෙත ඔහුගේ සුභ පැතුම් පිරිනමා තිබෙනවා.

ඉදිරි කටයුතුවලදී යුද්ධ හමුදාවේ නොමද සහාය නාවික හමුදාව වෙත ලබා දෙන බව ද ප්‍රකාශ කරන ලද අතර, එම අවස්ථාව සඳහා යුද්ධ හමුදා අධ්‍යක්ෂක ජෙනරාල්වරුන් ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක්ද සහභාගී වී සිටියා.


News Articles
Latest Videos
Most Popular Post