News Line| Off Air
Generic placeholder image

Jan
9

උතුරු පළාත් නව ආණ්ඩුකාරවරයාට විග්නේශ්වරන්ගෙන් පනිවුඩයක්

508 Views


උතුරු පළාත් නව ආණ්ඩුකාරවරයාට විග්නේශ්වරන්ගෙන් පනිවුඩයක්

උතුරු පළාත් නව ආණ්ඩුකාරවරයා ලෙස සුරේන් රාගවන් පත්කිරීම සම්බන්ධයෙන් තමන් සතුටට පත්වන බව උතුරු පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය සි.වි.විග්නේශ්වරන් මහතා පවසනවා.

විග්නේශ්වරන් මේ බව පවසා ඇත්තේ උතුරු පළාත් ආණ්ඩුකාර තනතුර වෙනුවෙන් දෙමළ ජාතිකයෙකු පත්වීම සම්බන්ධයෙන් තමන් සතුටු වන බවට සුභපැතුම් නිවේදනයක් නිකුත් කරමිනුයි.

එහිදී හිටපු ප්‍රධාන අමාත්‍යවරයා පවසා ඇත්තේ දෙමළ ජාතිකයෙකුට දෙමළ ජනතාවගේ ගැටලු සම්බන්ධයෙන් අවබෝධයක් පවතින බවත් දෙමළ ජනතාවගේ ගැටලු වෙනුවෙන් දෙමළ ජාතිකයෙකු ලෙස සිතා කටයුතු කිරීම වැදගත් වන බවත් දෙමළ ජනතාව‍ගේ ගැටලු වෙනුවෙන් සම්බන්ධ වී කටයුතු කළ හැකි දෙමළ නියෝජිතයෙකු උතුරු පළාත් ආණ්ඩුකාර ලෙස පත් කිරීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයා වෙත සිය ස්තූතිය පළ කරන බවද වැඩිදුරටත් පවසා තිබෙනවා.

එමෙන්ම රාගවන් මහතා දෙමළ ජනතාවගේ ගැටලු අව‍බෝධ කරගෙන ඉදිරියට හොඳින් කටයුතු කරනු ඇති බවට තමන් විශ්වාස කරන බවද හිටපු ප්‍රධාන අමාත්‍ය සී.වි.විග්නේශ්වරන් මහතා පෙන්වා තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post