News Line| Off Air
Generic placeholder image

Jan
10

ජනපතිට බැරිවූ දේ මහින්ද කියයි

434 Views


ජනපතිට බැරිවූ දේ මහින්ද කියයි

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ගෙවීගිය වසර හතර තුළ බොහෝ වැඩ කටයුතු සිදුකළද, පොරොන්දු වූ ආකාරයට වංචාවට, දූෂණයට එරෙහිව කටයුතු කිරීමට බැරි වූ බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සඳහන් කරනවා.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාද නිහතමානීව ඒ පිළිගන්නා බවත්, වංචාව, දූෂණය නැති කිරීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා උත්සාහ ගත්තද බොහෝ පිරිස් ඒ සඳහා උදව් නොකළ බවද එම පක්ෂයේ මාධ්‍ය ප්‍රකාශක මහින්ද සමරසිංහ මහතා සඳහන් කළා.

වංචාව, දූෂණය තුරන් කිරීම සඳහා අල්ලස් පනත සංශෝධනය කිරීමට කටයුතු කළත්, පාර්ලිමේන්තුවේ තවමත් එය සම්මත කර නැතැයිද අද (09දා) පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී ඔහු ප්‍රකාශ කර සිටියේය.


News Articles
Latest Videos
Most Popular Post