News Line| Off Air
Generic placeholder image

Jan
10

මංගලගෙන් බදු සහන පැකේජයක්

1391 Views


මංගලගෙන් බදු සහන පැකේජයක්

දේශීය ආදායම් පනතට සිදුකළ සංශෝධන කිහිපයක් නිසා ඇතිව තිබෙන බදු සහන පිළිබඳව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා සිය ට්විටර් ගිණුම මගින් ප්‍රකාශයක් සිදුකර තිබුණා.

01 රාජ්‍ය සුරැකුම්පත් මත අයෝජනය කිරීමෙන් ලැබෙන ආදායම් මත අයකළ රඳවා ගැනීමේ බද්ද ඉවත් කෙරේ.

02 මසකට රුපියල් 50000 නොයික්මවන කර්තෘභාග සඳහා අයකළ රඳවා ගැනීමේ බද්ද ඉවත්කරන අතර එහි උපරිමය වසරකට ලක්ෂ පහක් බවට පත්කර තිබේ.

03 කුලී ආදායම් මත අයකළ රඳවා ගැනීමේ බද්ද 10% සිට 5%ක් දක්වා අඩුකර තිබේ.

04 අවුරුදු 18ට අඩු ළමයින්ගේ ඉතුරුම් හා ස්ථාවර තැන්පත් ගිණුම් මත අය කළ රඳවා ගැනීමේ බද්ද ඉවත් කෙරේ.

05 2019/04/01 දා සිට සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන්ගෙන් අය කරන ආදායම් බදු සීමාව 14%ක් දක්වා උපරිමයකට පමණි.

06 ජ්‍යෙෂ්ඨ පුරවැසි ඉතුරුම් ගිණුම් මත රඳවා ගැනීමේ බදු අය කිරිමේ සීමාව රුපියල් 150000 සිට රුපියල් 300000ක් දක්වා වැඩිකෙරේ.

07 ශ්‍රී ලංකාවේ මහ බැංකුවේ අනුමත වාණිජ බැංකු තුළ පවත්වාගෙන යන NRFC හා RFC ගණුම් මත අය කළ රදවා ගැනීමෙ බද්ද 2018/11/15 දායින් පසුව ඉවත් කෙරේ.

08 විදේශ ඉපයීම් ලංකාවට එවීමේදී අයකළ ආදායම් බද්ද 2018/11/15 සිට ඉවත් කෙරේ.


News Articles
Latest Videos
Most Popular Post