News Line| Off Air
Generic placeholder image

Jan
10

මම සැමගෙන් ඉල්ලන්නේ බිරිදව ගෙදර තියලා එන්න – ක්‍රීඩා ඇමති හරීන් ක්‍රිකට් කණ්ඩායමට කියයි

1351 Views


මම සැමගෙන් ඉල්ලන්නේ බිරිදව ගෙදර තියලා එන්න – ක්‍රීඩා ඇමති හරීන් ක්‍රිකට් කණ්ඩායමට කියයි

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ තිසර පෙරේරා හා ලසිත් මාලිංගත්, ඔවුන්ගේ බිරින්දෑවරුන් දෙදෙනා අතරත් සිදුවූ මත ගැටුම පිළිබඳව ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු ඊයේ ක්‍රීඩා අමාත්‍යාංශයේදී සිය අදහස් දක්වා සිටියා.

“තරුණ ක්‍රීඩකයෝ විවෘතව ප්‍රශ්ණ ගැන සාකච්ඡා කරන්න. ක්‍රීඩකයින් තනි තනියම ඇවිත් කතා කළාම ඒක වැරදි මතයක් බවට පත් වෙනවා. ඒ නිසා කණ්ඩායමක් විදියට ඇවිල්ලා කතා කරන්න. පහුගිය දින කීපයේ මම දැක්කා ක්‍රීඩකයින්ගේ භාර්යාවන් ගැටළුවක් ඇති කරගෙන. මම සැමගෙන් ඉල්ලන්නේ බිරිදව ගෙදර තියලා එන්න. පිට්ටනියේ ක්‍රිකට් ගහන්න කියලා. ඒ තත්ත්වෙට අපි වැටිය යුතු නැහැ. ඒක හරි ශෝචනීයයි.අපිට ලැජ්ජයි ඒ දේවල් දකිද්දි. මේක හංගන්න දෙයක් නැ. එහෙම වෙනකොට ලංකාව ගැන ලෝකය දකින්නේ මහ පිස්සු රටක් විදියට. ප්‍රශ්ණ ඇති. ඒවා ගෙදර තියලා එන්න. හැබැයි ක්‍රීඩා පිට්ටනියේ කණ්ඩායමක් විදියට සෙල්ලම් කරන්න. තනියම සෙල්ලම් කරලා නම් අපිට කවදාවත් ජයග්‍රහණය කරන්න ලැබෙන් නැහැ.”


News Articles
Latest Videos
Most Popular Post