News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jan
10

රෙජිනෝල්ගේ සහ නිලුකාගේ අළුත් පුටු දෙක?

1593 Views


රෙජිනෝල්ගේ  සහ නිලුකාගේ   අළුත් පුටු දෙක?

උතුරු පළාත් හිටපු ආණ්ඩුකාර රෙජිනෝල්ඩ් කුරේ මහතා මැණික් හා ස්වර්නාභරණ අධිකාරියේ සභාපතිවරයා ලෙස පත් කර ඇති බව වාර්තා වෙනවා.

සබරගමුව පළාත් හිටපු ආණ්ඩුකාර නිලුකා ඒකනායක මහත්මිය රාජ්‍ය දැව සංස්ථාවේ සභාපතිනිය ලෙස ද පත් කර තිබෙනවා.

මේ අතර ඌව පළාත් ආණ්ඩුකාරවරයා ලෙස පත් කෙරුණු රංජිත් කීර්ති තෙන්නකෝන් මහතා දකුණු පළාත් ආණ්ඩුකාරවරයා වශයෙන් හා දකුණු පළාත් ආණ්ඩුකාරවරයා ලෙස කටයුතු කළ මාර්ෂල් පෙරේරා මහතා ඌව පළාත් ආණ්ඩුකාරවරයා ලෙස පත් කර තිබුණා.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ඊයේ දිනයේදී අදාළ පත්විම් සිදු කර තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post