News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jan
11

මාලිංගගෙන් පිතිකරුවන්ට විවේචන

677 Views


මාලිංගගෙන් පිතිකරුවන්ට විවේචන

සත්කාරක නවසීලන්තය හා පැවැති විස්සයි 20 තරඟය පරාජයට පත්වීමෙන් පසුව මාධ්‍ය වෙත අදහස් දැක්වූ ලසිත් මාලිංග සඳහන් කළේ තරගයක් ජයග්‍රහණය කරන අයුරු තවමත් පිතිකරුවන් නොදන්නා බවය.

එසේම පන්දු යවන්නන් අද තරගයේදි සිය රාජකාරිය මැනවින් ඉටු කළ බවත් ඔහු පවසා සිටියා.

“අපි පන්දුවාර 16ක් හොඳන් පන්දු යැව්වා. නමුත් මේ පිටියේ (ඔක්ලන්ඩ්) ලකුණු 180ක් රැස්කළ හැක. මම හිතනවා තවමත් පිතිකරුවන් දන්නේ නැහැ තරගයක් දිනන්නේ කොහොමද කියලා. ඒ නිසයි අපි පැරදෙන පැත්තේ ඉන්නේ.

අපි හැමවෙලාවෙම වෙනස්වීම් ගැන මෙම තත්ත්වයන් ගැන කථා කරනවා. පන්දු යවන්නන් අද හොඳින් කළා. මිනිස්සු දැන ගන්න ඕන කොහොමද තරඟයක් දින්නේ කියලා සහ කොහොමද ඉර පනින්නේ කියලා.”


News Articles
Latest Videos
Most Popular Post