News Line| Off Air
Generic placeholder image

Jan
11

මෝටර් රථ සඳහා වන නවතම කාබන් බද්ධ අය කෙරෙන්නේ මෙහෙමයි

791 Views


මෝටර් රථ සඳහා වන නවතම කාබන් බද්ධ අය කෙරෙන්නේ මෙහෙමයි

මේ වසරේ ජනවාරි මස 01 වැනිදා සිට වාහන සඳහා අලුතින් අයකරන කාබන් බද්ද වාහන වල එන්ජින් ධාරිතාවය පදනම් කරගෙන වර්ගීකරණ තුනක් යටතේ අය කෙරෙන බව මුදල් අමාත්‍යාංශය නිවේදනය කර සිටිනවා.

ඒ අනුව එන්ජින් ධාරිතාව 125 යතුරු පැදියක් සඳහා වාර්ෂිකව අයකරන බදු මුදල රුපියල් 62.50 ක් වන අතර එන්ජින් ධාරිතාව 1000 ක මෝටර් රථයක් සඳහා අය කරන වාර්ෂික බද්ද රුපියල් 500ක් වන බව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශය සඳහන් කරනවා.

මීට අමතරව එන්ජින් ධාරිතාව 2600 ජීප් රථයක් සඳහා අය කර කාබන් බදු මුදල වසරකට රුපියල් 1300 ක් වෙනවා.

මේ අතර මගී බස් රථ සඳහා වාර්ෂික ස්ථාවර බද්දක් ලෙස අය කිරීමට මුදල් අමාත්‍යාංශය පියවර ගෙන තිබෙනවා. ඒ අනුව වසර පහකට වඩා අඩු මගී ප්‍රවාහන බස් රථයකින් අයකරන කාබන් බදු මුදල රුපියල් 1000ක් බව මුදල් අමාත්‍යාංශය සඳහන් කරනවා.

වසර 5ත් 10ත් අතර වන මගී ප්‍රවාහන බස් රථයකින් රුපියල් 2000 ක් වසර 10ට වැඩි බස්රථයකින් රුපියල් 3000 ක් බද්දක් අය කරනු ලැබෙනවා.

2019 ජනවාරි මස සිට ක්‍රියාත්මක මෙම නව බද්ද වාහනයේ ආදායම් බලපත්‍රය අළුත් කරන අවස්ථාවේදී අය කරනු ලබන බව මුදල් අමාත්‍යාංශය සඳහන් කරනවා.


News Articles
Latest Videos
Most Popular Post