News Line| Off Air
Generic placeholder image

Jan
11

ශ්‍රී ලංකාව නවසීලන්තයේදී වයිට් ‌‌වොෂ් වෙයි

1034 Views


ශ්‍රී ලංකාව නවසීලන්තයේදී වයිට් ‌‌වොෂ් වෙයි

ශ්‍රී ලංකාව හා පැවැති එකම විස්සයි විස්ස තරගයෙන්ද නවසලීන්ත කණ්ඩායම ලකුණු 35ක ජයක් වාර්තා කිරීමට සමත්විය. ඕක්ලන්ඩ් පිටියේ පැවැති තරඟයේ නවසීලන්ත කණ්ඩායමෙන් එල්ල වූ ලකුණු 179ක ඉලක්කය හඹා ගිය ශ්‍රී ලංකා කණ්ඩායමට පන්දුවාර 16.5කදී සියලු දෙනා දැවී රැස්කරගත හැකිවූයේ ලකුණු 144ක් පමණයි.

ඒ අනුව දෙරට අතර පැවැති ටෙස්ට්, එක්දින හා විස්සයි 20 යන තරගාවලි තුනම ජය ගැනීමට නවසීලන්තය සමත් වුණා.

විස්සයි විස්ස කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායම මුලින්ම පන්දු යැවීමට තිරණය කළා. ඒ අනුව පන්දුවට පහරදුන් නවසීලන්ත කණ්ඩායමේ මුල්කඩුලු පහ ලකුණු 55ක් තුළ බිඳ දැමීමට ශ්‍රී ලංකා පන්දු යවන්නෝ සමත්වුවත් නවසීලන්ත පසුපෙළ පිතිකරුවන් කඩා වැටුණු ඉනිම ගොඩ නැංවීය.

ලකුණු 180ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා යෑමට පිටියට පිවිසි ශ්‍රී ලංකා කණ්ඩායමට රැස්කළ හැකිවූයේ ලකුණු 144ක් පමණයි. සුපුරුදු පරිදි මෙම තරගයේදිත් ශ්‍රී ලංකාවේ වැඩිම ලකුණු රැස්කළ පිතිකරුවා වූ තිසර පෙරේරා පන්දු 24කදී ලකුණු 43ක් රැස්කිරිමට සමත්විය. කුසල් පෙරේරා 23ක් රැස්කිරීමට සමත් වුණා.

ටෙස්ට් තරගාවලිය 1-0ක් ලෙස නවසීලන්තය ජයගත්තේය එක්දින තරගාවලිය 3-0ක් ලෙස නවසීලන්තය ජයගත්තේය. එකම විස්සයි20 තරගය 1-0ක් ලෙස නවසිලන්තය ජයගත්තේය.


News Articles
Latest Videos
Most Popular Post