ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මණ්ඩලය පිහිටුවා වසර 3 ක් ගතවන තුරු ව්‍යවස්ථා කෙටුම්පතක් සකසා ගැනීමට නොහැකි නම් එම මණ්ඩලය සහ ව්‍යවස්ථා මෙහෙයුම් කමිටුව පවත්වාගෙන යාමෙන් ප්‍රතිඵලයක් නැති බව ජනතා විමුක්ති පෙරමුණු කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මණ්ඩලයේ දී අද (11) ප්‍රකාශ කළා.
අගමැතිවරයා ව්‍යවස්ථාවක් සැකසීමේ ක්‍රියාවලිය කාලය සමඟ යට ගැසූ බවද මන්ත්‍රීවරයා මෙහිදී සඳහන් කළා.
එම නිසා තවදුරටත් ඒ වෙනුවෙන් කාලය වැයකිරීම නිරර්ථක ක්‍රියාවක් බව ඔහු පවසා සිටියා.