News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jan
12

සඳුදාට උතුරේ සියලුම පාසල් වසා දැමේ

696 Views


සඳුදාට උතුරේ සියලුම පාසල් වසා දැමේ

ලබන 15 වෙනිදාට යෙදී ඇති තෛපොංගල් දිනය නිමිත්තෙන් 14 දිනයේදී උතුරේ සියලුම පාසල් වැසීමට පියවර ගෙන තිබෙන බව උතුරු පළාත් ආණ්ඩුකාර කාර්යාලය විසින් අද (11දා) දින නිවේදනය කරනු ලැබුවා.

උතුරු පළාත් ආණ්ඩුකාර සුරේන් රාඝවන් මහතා විසින් උතුරු පළාත් අධ්‍යාපන ලේකම් ඇතුළු නිලධාරීන් සමග සිදු කරන ලද සාකච්ඡාවකින් මෙම තීරණය ගෙන තිබෙනවා.

නිවාඩු දිනයක් ලෙසට නම් කොට තිබෙන අතර නිවාඩු දෙන සඳුදා දිනය වෙනුවට සතියේ වෙනත් නිවාඩු දිනයක උතුරේ සියලුම පාසල් කටයුතු පැවත්වීමට දිනයක් දැනුම් දෙන බවද උතුරු පළාත් ආණ්ඩුකාර කාර්යාලය විසින් පළාත් අධ්‍යාපන කාර්යාල සහ කලාප අධ්‍යාපන කාර්යාල වෙතට දැනුම් දී තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post