News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jan
13

ඊ හෙල්ත් කාඩ්පත නිකුත් කිරිම පෙබරවාරියේ සිට

640 Views


ඊ හෙල්ත් කාඩ්පත නිකුත් කිරිම පෙබරවාරියේ සිට

ශ්‍රී ලංකාවේ මිලියන 21 ක ජනතාවටම ඊ-හෙල්ත් කාඩ්පත නිකුත් කිරීම පෙබරවාරි මාසයේ දී ආරම්භ කරන බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා ප්‍රකාශ කරනවා.

කළුතර මහ රෝහල, බණ්ඩාරගම දිසා රෝහල කේන්ද්‍ර කර ගනිමින් මූලික අදියරේ ඊ-හෙල්ත් කාඩ්පත් නිකුත් කිරිම ආරම්භ කිරීමට සැලසුම් කර තිබෙනවා.

මාස 06 ක කාලයක් තුළ ඊ-හෙල්ත් කාඩ්පත ජනතාවට ලබාදීමට නියමිතයි. ඉන්දියාවේ අන්ද්‍රා ප්‍රදේශයේ ජනතාවට ඊ-හෙල්ත් කාඩ්පත ලබාදුන් සමාගම විසින් මෙම වැඩපිළිවෙල ද ක්‍රියාත්මක කරනවා.

ඊ-හෙල්ත් කාඩ්පත නිකුත් කිරිම තුලින් කිසියම් රෝගියෙකුගේ සම්පුර්ණ රෝගී වාර්තා ඊට ඇතුලත් කර තිබීම නිසා ඕනෑම ප්‍රදේශයක වෛද්‍යවරයෙකුට කඩිනමින් ප්‍රතිකාර කිරිමට හැකියාව ලැබෙන බව සෞඛ්‍ය අමාත්‍යවරයා අවධාරණය කර සිටිනවා.

ඊ-හෙල්ත් කාඩ්පත ශ්‍රී ලංකාවට හදුන්වාදීම 2018 වසරේ අප්‍රේල් මස 07 දින පැවැති ලෝක සෞඛ්‍ය සංවිධානයේ 71 වන සංවත්සර උළෙලේ දී සිදු කෙරිණි. එය ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් කොළඹ නෙළුම්පොකුණ රඟහලේ දී පැවැත්විණි. නව තාක්ෂණය හදුන්වාදීම තුලින් ජනතාවට කඩිනමින් සේවා කටයුතු සිදු කිරීමට හැකියාව ලැබෙන බව සෞඛ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කරනවා.


News Articles
Latest Videos
Most Popular Post