News Line| Off Air
Generic placeholder image

Jan
14

නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් හෝ කෙටුම්පතක්වත් නෑ

474 Views


නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් හෝ කෙටුම්පතක්වත් නෑ

නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් හෝ ඒ සම්බඳව කෙටුම්පතක්වත් ඉදිරිපත් කර නැති අවස්ථාවක ඇතැම් පාර්ශ්ව ඒ පිළිබඳව අසත්‍ය ප්‍රචාර ගෙන යමින් සිටින බවත් එම අසත්‍ය ප්‍රචාර හමුවේ මුලා නොවී සිටින ලෙස සියළු රටවැසියන්ගෙන් ඉල්ලා සිටින බවත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කරනවා.

ඊයේ (13දා) අරලිය ගහ මන්දිරයේ පැවැති තෛපොංගල් උත්සවය අමතමින් ඔහු මේ බව සඳහන් කළා.

අද මේ රටේ සියළු ජන කොටස් එකමුතුව එකට වැඩකරන පරිසරයක් නිර්මාණය වී තිබේ. මෙලෙස රටේ ජනතාවත් එකතුවන අවස්ථාවේදී ජාතිවාදී ව්‍යාපාරයක් රටේ දියත් වෙමින් තිබේ. අළුත් ව්‍යවස්ථාවක් ගෙනවිත් රට බෙදන්න යන බවට අසත්‍ය ප්‍රචාරයක් ගෙන යමින් සිංහල ජනතාව මුලා කිරීමට උත්සාහ කරනවා.

මේ වන විට අපි අළුත් ව්‍යවස්ථාවක් හෝ ව්‍යවස්ථා කෙටුම්පතක් හෝ ඉදිරිපත් කර නෑ. මෙවැනි පසුබිමක මෙම ව්‍යවස්ථාව ගැන කරුණු දැක්වීමට කියමින් ඇතැම් අය නායක ස්වාමීන් වහන්සේලා මුණ ගැසීමට පන්සල්වලට බඩ ගානවා. මං ඒ අය ගැන කනගාටු වෙනවා. ඒ වෙන හේතුවක් නිසා නොවෙයි.

පංචශීලය ආරක්ෂා වන්න්නේ නම් මුසාවෙන් වැළකිය යුතුයි. මේ අය මෙලෙස විහාස්ථාන වෙත ගොස් බොරු කියනවා නම් අසත්‍ය චෝදනා ඉදිරිපත් කරනවා නම් අසත්‍ය කරුණු මහා සංඝරත්නයට කියනවා නම් ඒ පවෙන් ඒ අයට මේ ජීවිතෙත් ඊළඟ ජිවිතෙත් කුමක් සිදුවෙයිද කියා මට කියන්න බැහැ. ඒ අයගේ සුභ සිද්ධිය සදහා පන්සිල් පිළිපදින්න කියා මා ඒ අයට කියන්න කැමතියි.

කිසිදු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් මේ වනතෙක් අප සකස් කර හෝ ඉදිරිපත් කර නෑ. මේ සඳහා පත්කර තිබෙන මෙහෙයුම් කමිටුවේ සියළු පක්ෂවල නියෝජිතයෝ සිටිනවා. අපේ යුතුකම හා වගකීම වන්නේ අපට ලැබෙන වාර්තා සියල්ලම ව්‍යවස්ථාදායක සභාවට හා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමයි. ඒ අනුව අවසන් වාර්තා හයක් අප ඉදිරිපත් කළා. එතැනින් ඉදිරියට යනවද නැද්ද කියා පාර්ලිමේන්තුව හා ව්‍යවස්ථාදායක සභාව තීරණය කළ යුතුයි.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්බන්ධව කෙටුම්පතක් සකස් කළොත් එයට පාර්ලිමේන්තුවේ 2/3 අනුමැතිය ලැබිය යුතුයි. පවතින දේශපාලන වාතාවරණය යටතේ මේ සම්බන්ධව අවසන් තීරණය ගත යුත්තේ පාර්ලිමේන්තුව හා ව්‍යවස්ථාදායක සභාවයි. අපට ඒ ගැන තීරණවලට එළඹෙන්න බැහැ.”යනුවෙන් වැඩිදුරටත් අදහස් දැක්වූවා.


News Articles
Latest Videos
Most Popular Post