News Line| Off Air
Generic placeholder image

Jan
14

රොෂාන් මහානාමගේ නිහඩ සේවයේ තවත් පියවරක් වව්නියාවේදී

590 Views


රොෂාන් මහානාමගේ නිහඩ සේවයේ තවත් පියවරක් වව්නියාවේදී

ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ හිටපු සුපිරි ක්‍රිකට් විරුවෙකු මෙන්ම ජාත්‍යන්තර තරග තීරකයෙකු වූ රෝෂාන් මහානාම මහතා විසින් වවුනියාවේ දුෂ්කර පාසල් දරු දැරියන්ට අධ්‍යාපනික උපකරණ බෙදාදීමේ වැඩසටහනක් වන්නි ආරක්ෂක සේනාමූලස්ථානය විසින් සංවිධානය කොට තිබුණි.රොෂාන් මහානාම මහතා විසින් වවුනියාව දුෂ්කර ගම්මානයක් වූ වෙහෙරතැන්න ගම්මානය ඇතුළු අවට ගම්මාන වල පාසල් දරු දැරියන්ගේ අධ්‍යාපනය නගාසිටුවීමේ අරමුණින් මීට පෙර පාසල් ගොඩනැගිල්ලක්ද යුද හමුදා ශ්‍රම දායකත්වයෙන් ඉදකළ අතර එම පාසල රෝෂාන් මහානාම විදුහල වශයෙන්ද නම් තබන ලදි.වන්නි ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරල් කුමුදු පෙරේරා මහතාගේ අධීක්ෂණයන් පරිදි රෝෂාන් මහනාම විදුහලේ සිසු දරුවන්ට නව වසර වෙනුවෙන් අධ්‍යාපනික උපකරණ වල අවශ්‍යතාවය පිළිබඳව රෝෂාන් මහානාම පදනම වෙතට දැනුම් දීමෙන් පසුව මෙසේ නව වසර වෙනුවෙන් පාසල දරුවන්ට අවශ්‍ය නිලඇඳුම් ඇතුළු අධ්‍යාපනික උපකරණ හා වෙහෙරතැන්න පියවර පෙර පාසලේ දරු දැරියන්ටද නිලඇඳුම් හා උපකරණ ලබා දීමට රෝෂාන් මහනාම මහතා ඇතුළු පදනමේ නිලධාරීන් විසින් පියවර ගෙන තිබුණි.


News Articles
Latest Videos
Most Popular Post