News Line| Off Air
Generic placeholder image

Jan
14

සංගක්කාර සුවපති හමුවේ

830 Views


සංගක්කාර සුවපති හමුවේ

පසුගිය 04වනදා පස්වරුවේ සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න සහ හිටපු ක්‍රිකට් නායක කුමාර් සංගක්කාර අතර හමුවක් සිදුව ඇතැයි දේශපාලන ආරංචි මාර්ග වාර්තා කර තිබෙනවා.එදින පස්වරු 04ට පමණ ආරක්ෂක නිලධාරීන් සහ ලේකම්වරුන්ද සිය නිල කාමරයෙන් ඉවත් කර රාජිත සංගක්කාර අතර රහස් සාකච්ඡාවක් පැය දෙකහමාරක් පමණ පැවති බවයි සඳහන් වන්නේ.අමාත්‍යංශයේ සිටි පිරිසට සැළවූයේ මහජනතාවගේ පුද්ගල සෞඛ්‍යය ඉහළ නැංවීමේ ව්‍යාපෘතියක් ඇරඹීමට සංගක්කාර දායක කරගැනීම සඳහා ඇමැතිවරයා මෙම සාකච්ඡාව පවත්වන බවයි.

පසුගිය කාලයේ මීළඟ ජනාධිපතිවරණ එ.ජා.පෙ පොදු අපේක්ෂකයා සංගක්කාර බවට බොහෝ දෙනා අදහස් කළ ද කිසිදා දේශපාලනයට නොඑන බවයි සංගක්කාර පවසා සිටියේ.2015 පොදු අපේක්ෂකයා වශයෙන් මෛත්‍රී ගෙන ඒමටද රාජිත මූලිකත්වය ගෙන කටයුතු කළා.


News Articles
Latest Videos
Most Popular Post