News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jan
14

චීනයෙනුත් නව ක්‍රිකට් වාර්තාවක්

1595 Views


චීනයෙනුත් නව ක්‍රිකට් වාර්තාවක්

ක‍්‍රිකට් ක‍්‍රීඩා කරන රටවල් අතර චීනයට එතරම් ජනප‍්‍රිය නැහැ. එහෙත් චීනය නිසා බිහි වුණ නව ක‍්‍රිකට් වාර්තාවක් පිළිබඳ ක‍්‍රීඩා මාධ්‍ය අද වාර්තා කර සිටිනවා.

ඒ, පන්දුවාර 20 කාන්තා ක‍්‍රිකට් ඉතිහාසයේ කණ්ඩායමක් දැවී ගිය අඩුම ලකුණු සංඛ්‍යාව වාර්තා කරමින්. එක්සත් අරාබි එමිර් රාජ්‍ය කාන්තා කණ්ඩායමට එරෙහි මෙම තරගයේ දී චීන කාන්තා කණ්ඩායම ලකුණු 14කට දැවී ගොස් තිබෙනවා.

ඒ, පන්දුවාර 10ක් තුළයි. එහිදී ක‍්‍රීඩිකාවන් 06 දෙනෙක් ලකුණු නොලබා දැවී ගිය අතර වැඩිම ලකුණු සංඛ්‍යාව වූයේ ලකුණු 04යි. චීන කාන්තා කණ්ඩායමේ ඉණිම නිම වීමට ගත වී ඇත්තේ විනාඩි 48ක් වීම ද විශේෂත්වයක්.

තායිලන්ත පන්දුවාර 20 කාන්තා ක‍්‍රිකට් තරගාවලියක පැවති මෙම තරගයේ දී තවත් වාර්තාවක් බිහිව තිබෙනවා. ඒ, පන්දුවාර 20 කාන්තා ක‍්‍රිකට් ඉතිහාසයේ කණ්ඩායමක් ලැබූ දැවැන්තම ජය වාර්තා කරමින්. මෙම තරගයේ එක්සත් අරාබි එමිර් රාජ්‍ය කාන්තා කණ්ඩායම ජය ගත්තේ ලකුණු 189කින්.


News Articles
Latest Videos
Most Popular Post