News Line| Off Air
Generic placeholder image

Jan
14

උතුරේ ජනතාව බුදු පිළිම නිසා මානසික වදයකින් සහ බයකින් ඉන්නේ, මේ ගැන තීරණයක් ඉක්මණට ගන්න ඕනේ – නව ආණ්ඩුකාරවරයා කියයි

1093 Views


උතුරේ ජනතාව බුදු පිළිම නිසා මානසික වදයකින් සහ බයකින් ඉන්නේ, මේ ගැන තීරණයක් ඉක්මණට ගන්න ඕනේ – නව ආණ්ඩුකාරවරයා කියයි

උතුරු ප්‍රදේශය තුළ දේශපාලන හේතූන් මත හා බලය පෙන්වීම සඳහා බුදුපිළිම තැන්පත් කිරීම නිසා ඇතිවන සමාජීය හා සංස්කෘතික ගැටලු පිළිබඳව තමන් මහානායක හිමිවරුන් සමග සාකච්ඡා කොට තීරණයකට පැමිණෙන බව උතුරු පළාතේ නව ආණ්ඩුකාර ආචාර්ය සුරේන් රාඝවන් පවසා තිබෙනවා.

උතුරේ බෞද්ධ ජනතාව නොමැති ස්ථානවල බුදු පිළිම තන්පත් කිරීමෙන් හා විහාරස්ථාන ඉදි කිරීමෙන් බුදු දහමට විශාල නිගරුවක් සිදුවන බවද ආණ්ඩුකාරවරයා මෙහිදී පැවසුවා. තමන් බුදු දහමට ඉතාම ගරු කරන හා ඒ දහම පිළිබඳව විශාල පැහැදීමකින් සිටින පුද්ගලයෙකු නිසා මේ උදාවී ඇති තත්ත්වය සම්බන්ධයෙන් වහාම මහානායක හිමිවරු සමග සාකච්ඡා කොට ස්ථිර තීරණයකට එළඹෙන බවද සඳහන් කළා.

උතුරේ ආරක්ෂක අංශ විසින් ඔවුන්ගේ අවශ්‍යතාවයන් මත එම කඳවුරුවල බුදු පිළිම තැන්පත් කිරීමේ කිසිම වරදක් නොමැති බව සඳහන් කරන ආණ්ඩුකාරවරයා කියා සිටින්නේ ඔවුන් කඳවුරු අතහැර එම ඉඩම අයිතිකරුවන්ට බාර දෙන විට ඒ බුදු පිළිම ඉවත් කර නොගැනීම විශාල ප්‍රශ්නයක් වන බවයි.දෙමළ වැසියෙකුගේ ඉඩමක බුදු පිලිමයක් තිබීම ගැන ඔවුන් කිසි විටකත් සතුටට පත් නොවන බවත් මේ පිළිමය නිසා ඔවුන් ඊට බිය වී විශාල මානසික වදයකින් යුතුව එම ඉඩමේ ජීවත් වන බවද ආණ්ඩුකාරවරයා මෙහිදී පැවසුවා.


News Articles
Latest Videos
Most Popular Post