News Line| Off Air
Generic placeholder image

Jan
14

ඉන්දියාවේ රායිදුගේ පන්දු යැවීම සැකසහිතයි

1715 Views


ඉන්දියාවේ රායිදුගේ පන්දු යැවීම සැකසහිතයි

ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩක අම්බති රායිදුගේ පන්දු යැවීමේ ඉරියව්ව සැක සහිත බව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය නිවේදනය කරනවා. ඉන්දීය කණ්ඩායම හා ඔස්ට්‍රේලියා කණ්ඩායම අතර ඔස්ට්‍රේලියාවේ පැවැත්වෙන එක්දින තරගාවලියේ පළමු තරගයෙන අනතුරුව ඔහුගේ පන්දු යැවීමේ ඉරියව්ව සැක සහිත බවට විනිසුරන් විසින් පැමිණිලි කර තිබෙනවා.

ඒ අනුව රායිදුට දින 14ක් තුළ ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ අනුමත මධ්‍යස්ථානයකදී සිය පන්දු යැවීමේ ඉරියව්ව පිළිබඳව පරීක්ෂණයකට මුහුණ දීමට සිදුවෙනු තිබෙනවා.

එතෙක් ඔහුට ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ පන්දු යැවිමට අවස්ථාව ලැබෙනු ඇතී. කෙසේ වෙතත් රායිදු ඉන්දීය කණ්ඩායමට සිය දායකත්වය මූලිකවම පිතිකරුවෙක් ලෙස ලබාදෙනු ලබනවා.


News Articles
Latest Videos
Most Popular Post