News Line| Off Air
Generic placeholder image

Jan
15

කෝලි ඩිල්ෂාන් අභිභවා යයි

1059 Views


කෝලි ඩිල්ෂාන් අභිභවා යයි

ජාත්‍යන්තර එක්දින ක්‍රිකට් පිටියේ වැඩිම ලකුණු ප්‍රමාණයක් රැස්කළ පිතිකරුවන් අතර 11 වැනි ස්ථානයට පත්වීමට ඉන්දීය නායක විරාත් කෝලි සමත් වී තිබෙනවා.

ඒ සත්කාරක ඔස්ට්‍රේලියා කණ්ඩායම හා පැවැත්වෙන එක්දින තරගයේදීයි. මෙම තරගයේදී ඔහු ශතකයක් (100*) නොදැවී රැස්කරමින් ඩිල්ෂාන්ගේ ලකුණු සංඛ්‍යාව අභිභවා ගොස් තිබෙනවා.

ඩිල්ෂාන් තරග 330කදී ලකුණු 10290ක් රැස්කරගෙන තිබෙන අතර විරාත් කෝලි තරග 218කදී ලකුණු 10335ක් රැස්කරමින් ජාත්‍යන්තර ඩිල්ෂාන්ගේ වාර්තාව අභිභවා ගියේය.

එසේම කෝලි අද රැස්කළේ සිය 39 වැනි එක්දින ශතකය වන අතර එය දෙවැනි වන්නේ ශතක 49ක් රැස්කරගෙන ඇති සචින්ට පමණි.


News Articles
Latest Videos
Most Popular Post