නව ව්‍යවස්ථාවෙන් බුද්ධාගමට තිබෙන ප්‍රමුඛස්ථානය හෝ ඒකීය රටක් යන්න වෙනස් නොකරන බවට හැකිනම් ප්‍රතිඥාවක් දෙන ලෙස තමන් අගමැති රනිල් වික්‍රමසිංහ මහතාටත් දෙමළ ජාතික සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී එම්. ඒ. සුමන්තිරන් මහතාටත් අභියෝග කර සිටින බව පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල මහතා පවසනවා. ඔහු මේ බව සඳහන් කළේ ඊයේ පැවැති මාධ්‍ය හමුවකදී ය.
“අපි අග්‍රාමාත්‍යතුමන් ට අභියෝගයක් කරනවා ඔබතුමන්ට සැබැවින්ම ඒකීය රාජ්‍ය වෙනස් නොකර තබා ගත යුතු නම් ඔබට සැබැවින් ම බුදු දහමට ප්‍රමුඛස්ථානය ලබා දීමට වුවමනා නම් වත්මන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දෙවෙනි වගන්තියේ සහ නම වෙනි වගන්තියෙන් අකුරක්වත් වෙනස් කරන්නේ නැහැ කියන ප්‍රතිඥාව පුලුවන්නම් ජාතියට ලබා දෙන්න. අපි මේ අභියෝගය නිල අගමැති රනිල් වික්‍රමසිංහ මැතිතුමාටත් නොනිල අගමැති එම්ඒ සුමන්දිරන් මන්ත්‍රීතුමන්ටත් ඉදිරිපත් කරනවා.”