News Line| Off Air
Generic placeholder image

Jan
16

ටී.එන්.ඒ. නායකයින් කියන කතා

442 Views


ටී.එන්.ඒ. නායකයින් කියන කතා

උතුරු සංවර්ධන කටයුතු පිළිබඳ අමාත්‍යධූරය ඉදිරියේදී උතුරු නැගෙනහිර සංවර්ධන වශයෙන් වෙනස් වන බවට දෙමළ ජාතික සන්ධානයේ මාධ්‍ය ප්‍රකාශක පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ. සුමන්තිරන් මහතා ප්‍රකාශ කරනු ලැබුවා.

මන්ත්‍රීවරයා මේ බව ප්‍රකාශ කර සිටියේ ඊයේ (15) දින යාපනය වලිකාමම් උතුර ප්‍රදේශයේ පැවති ජනහමුවකට සහභාගී වෙමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ එම්.ඒ.සුමන්තිරන් මන්ත්‍රීවරයා,

‘අගමැතිවරයාට විශ්වාසය පලකිරීමේ යෝජනාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් වූ අවස්ථාවේදී දෙමළ ජාතික සන්ධානය ඊට පක්ෂව ඡන්දය ලබාදීම සම්බන්ධයෙන් මේ වන විට චෝදනාවන් තියනවා නමුත් අපි ඒක නිකං සිදු කළ දෙයක් නෙමෙයි. රට තුළ ස්ථාවරත්වයක් නොතිබුනු කාලසීමාවක තමයි අපි ඒ දේ සිදු කලේ . අපි අගමැතිවරයාට සහයෝගය දෙන වෙලාවේදී බොහෝ දේ සාකච්ඡා කලා පසුගියදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා විශේෂඥ කමිටු වාර්තාව ඉන් එකක් අනෙක අපේ ප්‍රදේශයේ සංවර්ධනය.

‘එනම් උතුරු නැගෙනහිර සංවර්ධනය නිසි ලෙස ඉටු කිරීමට නම් උසස් කළමනාකරණයක් අවශ්‍යයි කියලයි අපි කිව්වේ. ඒ නිසා තමයි උතුරු සංවර්ධන කටයුතු පිළිබඳ අමාත්‍ය ධූරය අග්‍රාමාත්‍යතුමන් ළග තියෙන්නේ දැන් ඒකේ නම උතුරු සංවර්ධන කටයුතු වුනාට ඉදිරියේදී උතුරු නැගෙනහිර සංවර්ධන කටයුතු පිළිබඳ අමාත්‍යංශය කියල සංශෝධනය කරනවා කියලයි අපිට කිව්වේ අග්‍රාමාත්‍ය වරයා එම අමාත්‍යංශය ලබාගන්න හේතුව තමයි උතුරේ සංවර්ධන කරන්න ඕන ප්‍රදේශ පිළිබඳ දෙමළ ජාතික සන්ධාන මන්ත්‍රීවරුන්ගේ සහභාගීත්වයෙන් ක්‍රමවේදයක් සකස් කිරීම ඒ පිළිබඳව අපේ මන්ත්‍රීවරුත් සාකච්ඡා කලා.

එම ජනහමුවේදී අදහස් දැක්වූ ඉලංගෙයි තමිල් අරුසකච්චි පක්ෂ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී මාවෙයි සේනාධිරාජා මහතා කියා සිටියේ,

‘දැන් අපි ආණ්ඩුවත් සමග කතා කරල තියනවා උතුරු නැගෙනහිර යුද්දයෙන් බලපෑමට ලක් වූ ප්‍රදේශ සංවර්ධනය කරන්න කැබිනට් මණ්ඩලය කුමන හෝ පියවරක් ගන්නවනම් ඔවුන්ට දෙමළ ජාතික සන්ධානය සමග සාකච්ඡා කරල තමයි ගත යුත්තෙ කියලා ඒ සඳහා අපි 10 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් හදලා තියෙන්නේ. යනුවෙනි.


News Articles
Latest Videos
Most Popular Post