News Line| Off Air
Generic placeholder image

Jan
16

දේශපාලනඥයින්ට එරෙහිව වු සරසවි විරෝධය

399 Views


දේශපාලනඥයින්ට එරෙහිව වු සරසවි විරෝධය

සබරගමු විශ්ව විද්‍යාලයට අනුබද්ධව කුරුවිට බටුහේනේ ස්ථාපිත කළ වෛද්‍ය පීඨය විවෘත කිරීම දේශපාලනඥයින් සම්බන්‍ධ කර ගැනීමට විරෝධය පළකරමින් එම විශ්ව විද්‍යාල මහා ශිෂ්‍ය සංගමය අද (16) දහවල් පැයක කාලයක් බලන්ගොඩ පඹහින්නේ පිහිටි විශ්ව විද්‍යාල ගේට්ටුව ඉදිරිපිට විරෝධතාවක් පවත්වා තිබේ.

අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා ප‍්‍රධාන මැතිඇමතිවරුන් අතින් හෙට (17) පෙරවරුවේ සබරගමු විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨය විවෘත වීමට නියමිතය.

සබරගමු විශ්ව විද්‍යාලය වෛද්‍ය පීඨයක් ලැබුණෙ විශ්ව විද්‍යාල ශිෂ්‍යයන්ගේ සහ ජනතාවගේ අරගලයක ප‍්‍රතිඵලයක් ලෙස බව විරෝධතාව මෙහෙය වූ මහා ශිෂ්‍ය සංගමයේ සභාපති නිස්සංග ගමගේ ශිෂ්‍යයා පැවසුවේය. දේශපාලකයන් ගෙන්වා මාධ්‍ය සංදර්ශන පවත්වා එය ලබාගත්තේ තමන්ගේ මැදිහත්වීමෙන් බවට උපකුලපතිවරයා ලෝකයට පෙන්න්න උත්සාහ කරන බව ද කීවේය. මෙම විරෝධය පවත්වන්නේ උපකුලපතිවරයාගේ එම උත්සාහයට මිස වෛද්‍ය පීඨයට එරෙහිව නොවන බව ද ඔහු කීවේය.

ශිෂ්‍යයින් මෙහිදී විවිධ පාඨ කියමින් පැයක පමණ කාලයක් විරෝධතාව පැවැත්විණි.


News Articles
Latest Videos
Most Popular Post