News Line| Off Air
Generic placeholder image

Jan
16

2003 මම BnS ලඟට ආවෙ ග්‍රැෆික් ඩිසයිනර් කෙනෙක් විදිහට – හැමෝම ඉදිරියේ දිනේෂ් BnSලට වැඳපු වීඩියෝව මෙන්න

5593 Views


2003 මම BnS ලඟට ආවෙ ග්‍රැෆික් ඩිසයිනර් කෙනෙක් විදිහට – හැමෝම ඉදිරියේ දිනේෂ් BnSලට වැඳපු වීඩියෝව මෙන්න

පසුගිය දිනයන්වලදී නෙළුම් පොකුණ මහින්ද රාජපක්ෂ රඟහලේ භාතිය සංතුෂ්ගේ “ඔබ නිසා” ප්‍රසංගය ඉතාමත් සාර්ථක අයුරින් පැවැත්වුණා.

මෙම ප්‍රසංගය නැරඹීමට පැමිණි අයගෙන් නෙළුම් පොකුණ රඟහල පිරී ගොස් තිබුණු බවයි අපට දැනගන්නට ලැබුණේ. මේ ප්‍රසංගය බලන්න ආසාවෙන් හිටපු අයටත් මේ ප්‍රසංගය මග හැරිලා තිබුණේ සියලුම ප්‍රවේශපත්‍ර පවා විකිණී අවසන්ව තිබූ නිසාවෙන්.

කෙසේ වූවත් මේ ප්‍රසංගයේදී හරි අපූරු දෙයක් සිදුවී තිබුණා.

ඒ තමයි නව පරපුරේ කාගෙත් ආදරය හිමිවූ දිනේෂ් කනගරත්නම් එහෙමත් නැත්නම් ADK මේ වේදිකාවට ඇවිත් ඔහු මෙතෙක් ආපු ගමන ගැන ප්‍රකාශයක් කිරීම. දිනේෂ් කනගරත්නම් ඉස්සර භාතියලා ගාව ග්‍රැෆික් ඩිසයිනර් කෙනෙක් විදියට තමයි ඉඳලා තියෙන්නේ.නමුත් අද වෙද්දි ඔහු ඉන්ටර්නැෂනල් රැපර් කෙනෙක්.

ඒ.ආර්. රහමන්, මනී රත්නම් කියන ඉන්ටර්නැෂනල් ආර්ටිස්ලාත් එක්ක තමයි දැන් දිනේෂ් වැඩ කරන්නේ. ඉතිං මෙහෙම ආපු ගමනට භාතිය සහ සංතුෂ් කරපු උදව් ගැන ඔහු වේදිකාවේ කියලා තිබුණා.

මේ ඔහු කරපු කතාවයි.


News Articles
Latest Videos
Most Popular Post