News Line| Off Air
Generic placeholder image

Jan
16

ශ්‍රී ලංකා සහ පිලිපීන ජනපති වරුන්ගේ හමුවීමක්

591 Views


ශ්‍රී ලංකා සහ පිලිපීන ජනපති වරුන්ගේ හමුවීමක්

පිලිපීනයේ පස් දින නිල සංචාරයක් සඳහා එක්ව සිටින ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා හා පිලිපීන ජනපති රොඩ්‍රිගෝ ඩුටාර්තේ මහතා අතර අතර හමුව එරට මැලකැනැන් මන්දිරයේදි සිදුව තිබෙනවා.

පිලිපීන වේලාවෙන් පස්වරු 4.00ට පමණ ජනපතිවරයා එම මන්දිරයට පැමිණ තිබෙනවා. ඉන් අනතුරුව රාජ්‍ය නායකයන් දෙපළ අතර ද්විපාර්ශ්වීය සාකච්ඡා පවත්වා තිබේ.

ඉන් අනතුරුව රාජ්‍ය නායකයන් දෙපළ අතර ගිවිසුම් 6කටද අත්සන් තැබීය.ශ්‍රී ලංකා හිටපු අගමැතිනී සිරිමාවෝ බණ්ඩාරනායක මහත්මියගෙන් පසුව පිලිපීනයේ නිල සංචාරයකට එක්වන පළමු ශ්‍රී ලංකා රාජ්‍ය නායකයා වන්නේ ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතායි.

එසේම මේ වසරේදී පිලිපීනයේ නිල සංචාරයකට එක්වන පළමු රාජ්‍ය නායකයා වන්නේද ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතායි.


News Articles
Latest Videos
Most Popular Post