News Line| Off Air
Generic placeholder image

Jan
17

‘ජනපතිවරණ අපේක්ෂකයා ගැන කතා එපා ‘

793 Views


‘ජනපතිවරණ අපේක්ෂකයා ගැන කතා එපා ‘

ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය ඇතුළු පක්‍ෂ ගණනාවක් එකතු වී ගොඩනැගීමට නියමිත පුළුල් සන්ධානයේ ජනාධිපතිවරණ අපේක්‍ෂකයා පිළිබඳ තීරණය පක්‍ෂ නායකයින් එක්ව ගන්නා තුරු සෙසු පිරිස් ඒ පිළිබඳව අදහස් දැක්වීමෙන් වැළකී සිටිය යුතු බව එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රී, හිටපු අමාත්‍ය එස්. බී. දිසානායක මහතා ප්‍රකාශ කළා.

ඉදිරිපත් වන ජනාධිපතිවරණ අපේක්‍ෂකයා මෛත්‍රීපාල සිරිසේන මහතාද, මහින්ද රාජපක්‍ෂ මහතාද, ගෝඨාභය රාජපක්‍ෂ මහතා හෝ චමල් රාජපක්‍ෂ මහතාද යන්න වැදගත් නොමැති බව කී එස්. බී. දිසානායක මහතා ඉදිරිපත් වන අපේක්‍ෂකයෙකු සමඟ ඉදිරියට යා යුතු බව ද ප්‍රකාශ කළා.

ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ නායක, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ, දිනේෂ් ගුණවර්ධන මහතා වැනි සන්ධානයේ සෙසු පක්‍ෂ නායකයින් එක්ව එම තීරණය ගනු ඇතැයි ද එස්. බී. දිසානායක මහතා සඳහන් කරනු ලැබුවා.

ඒ වන තුරු කිසිවෙක් කලබල වීම හෝ අදහස් දැක්වීම නොකළ යුතු බව කී එස්. බී. දිසානායක මහතා එවැනි කතාබස් ඇතිකරගැනීමෙන් සිදුවන්නේ දෙපාර්ශවය අතර ගැටුම් ඇතිවීම පමණක් බව ද ප්‍රකාශ කළා.

ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ පිරිසක් දිනපතා උදේ සිට රෑ වන තුරු අපේ ජනාධිපති අපේක්‍ෂකයා මෛත්‍රී බව ප්‍රකාශ කිරීමෙන් සිදුවන්නේ පොදුජන පෙරමුණේ සිටින ඇතැම් මන්ත්‍රීවරුන් කලබල වී ආරවුලක් ඇතිවීම පමණක් බව කී මන්ත්‍රීවරයා එය ගොඩනගන පුළුල් සන්ධානයට හා ඉදිරි ගමනට අවාසිදායක බව ද වඩිදුරටත් සඳහන් කර සිටියා.

එක්සත් ජනතා නිදහස් සන්ධානය ආණ්ඩුවෙන් ඉවත් වීමට තීරණය ගත් අවස්ථාවේත් ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ පිරිසක් ආණ්ඩුව සමඟ සිටීමට උත්සාහ කළ බව කී දිසානායක මහතා ඔවුන් ආණ්ඩුවෙන් ඉවත්වීමට ‘පක්‍ෂයෙන් එ.ජා.පයට යන අයට මෙන්ම පොහොට්ටු පක්‍ෂයට යන අයටත් දඬුවම් කළ යුතුය’ යනුවෙන් සහ ‘ඊළඟ ජනාධිපතිවරණ අපේක්‍ෂකයා මෛත්‍රීපාල සිරිසේන මහතා වන බවට මහින්ද රාජපක්‍ෂ මහතා පොරොන්දු විය යුතුය’ යනුවෙන් යෝජනා දෙකක් ගෙනැවිත් ජනාධිපතිවරයා අප්‍රසාදයට පත්කිරීමට උත්සාහ කළ බව ද පවසා සිටියා.

එස්. බී. දිසානායක මහතා මේ බව පැවැසුවේ පුංචි බොරැල්ලේ තිලංග සුමතිපාල මන්ත්‍රීවරයාගේ නිවසේ පිහිටි නිදහසේ මාධ්‍ය කේන්ද්‍රයේදී අද (17) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.


News Articles
Latest Videos
Most Popular Post