News Line| Off Air
Generic placeholder image

Jan
17

ජනපති ගත් හොඳම තිරණය ගැන හෙළිදරව්වක්

615 Views


ජනපති ගත් හොඳම තිරණය ගැන හෙළිදරව්වක්

ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා ගත් හොඳම තීන්දුවක් වශයෙන් ආචාර්ය සුරේන් රාඝවන් උතුරු පළාත් ආණ්ඩුකාරධූරයට පත්කිරීම හැඳින්විය හැකි බව යාපනය නාග විහාරයේ විහාරාධිපති පූජ්‍ය මීගහජදුරේ විමල හිමි පවසනවා.උතුරු පළාතේ ආගමික සහජීවනය ඇති කිරීම මුල්කර ගනිමින් උතුරු පළාත් ආණ්ඩුකාරවර ආචාර්ය සුරේන් රාඝවන් ආණ්ඩුකාරධූරය භාර ගැනීමෙන් අනතුරුව සර්ව ආගමික නායකයින් ඊයේ දිනයේදී හමුවුණා.

පළමුව උතුරු ආණ්ඩුකාරවරයා යාපනය අගරදගුරුතුමන් හමු වූ අතර එහිදී උතුරු පළාතේ අහිංසක දුප්පත් ජනතාවගේ ප්‍රශ්න ගැටලූ පිලිබඳවද අගරදගුරුතුමන් විසින් ආණ්ඩුකාරතුමන් දැනුවත් කළ අතර හැකි ඉක්මනින් ඒ පිළිබඳව විසඳුම් වලට පැමිණෙන බව ප්‍රකාශ කලා.පසුව නල්ලුර් කෝවිල සහ නාගභූෂණී අම්පාල් යන කෝවිල් වෙත ගිය ආණ්ඩුකාරතුමා එම කෝවිල්වල විශේෂ පූජාවන්ද පවත්වා ආශිර්වාද ලබා ගත්තා.

ඉන්පසුව ආණ්ඩුකාරතුමන් නාග විහාරයේ විහාරාධිපති පූජ්‍ය මීගහජදුරේ විමල හිමි සහ නාගදීපයේ විහාරාධිපති පූජ්‍ය නමදගල පත්මකිත්ති තිස්ස ස්වාමීන් වහන්සේලා බැහැදැකීමට ගිය අතර ස්වාමීන් වහන්සේ සමඟ විශේෂ සාකච්ඡාවක් කළ අතර එතුමන් පළාතේ ඇති මත්ද්‍රව්‍ය උවදුර තුරන් කිරීම පිළිබඳව විශේෂයෙන් සාකච්ඡා කර තිබෙනවා.එහිදී උන්වහන්සේ ප්‍රකාශ කළේ මත්ද්‍රව්‍ය උවදුර උතුරු පළාතෙන් තුරන් කිරීමට තමන් වහන්සේ සහ නාගදීප විහාරයේ විහාරාධීපතීන් වහන්සේ මෙන්ම පළාතේ සර්ව ආගමික නායකයින් සමඟ විශේෂ වැඩපිළිවෙලක් සිදුකරන බවත් ඒ සඳහා ආණ්ඩුකාරතුමන්ගේ ශක්තිය සහ ආශිර්වාදය බලාපොරොත්තුවන බවත්ය.


News Articles
Latest Videos
Most Popular Post