News Line| Off Air
Generic placeholder image

Jan
17

ලංකාව නව අවබෝධතා ගිවිසුම් 05 කට අත්සන් තැබේ

415 Views


ලංකාව නව අවබෝධතා ගිවිසුම් 05 කට අත්සන් තැබේ

පිලිපීනයේ රාජ්‍ය සංචාරයක නිරත ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හා පිලිපීන ජනාධිපති රොඩ්රිගෝ ඩියුටර්ට් මහතා අතර නිල හමුවක් එරට ජනාධිපති මන්දිරයේ දී පැවැත්වුණු අතර ඉන් අනතුරුව රාජ්‍ය නායකයන් ඉදිරියේ මෙම අවබෝධතා ගිවිසුම්වලට අත්සන් තැබීම සිදු වුණා.

පළමුව අත්සන් තැබුණේ දෙරට අතර ආරක්ෂක සහයෝගීතාවය ඉහළ නංවා ගැනීම පිළිබද අවබෝධතා ගිවිසුමට යි. පිලිපීන රජය වෙනුවෙන් එරට ජාතික ආරක්ෂක දෙපාර්තමේන්තුවේ ලේකම් ඩෙල්ෆින් එන් ලොරේන්සනා මහතා ඊට අත්සන් තැබු අතර ශ්‍රී ලංකා රජය වෙනුවෙන් විදේශ කටයුතු අමාත්‍ය තිලක් මාරපන මහතා ගිවිසුමට අත්සන් තැබා තිබෙනවා.

ඉන් අනතුරුව ශ්‍රී ලංකාව හා පිලිපීනය අතර සංචාරක සහයෝගීතාවය ඉහළ නංවා ගැනීම පිළිබඳ නව අවබෝධතා ගිවිසුමට අත්සන් තැබුවා.

දෙරට අතර කෘෂිකාර්මික සහයෝගීතාවය ඉහළ නංවා ගැනීම පිළිබද නව අවබෝධතා ගිවිසුමකට ද අත්සන් තැබිම සිදු වුණා.

ඉන් අනතුරුව අත්සන් තැබුණේ දෙරට අතර අධ්‍යාපන සහයෝගීතාවය ඉහළ නංවා ගැනීම පිළිබද නව අවබෝධතා ගිවිසුමට යි.

ශ්‍රී ලංකාවේ කෘෂිකර්ම පර්යේෂණ ප්‍රතිපත්ති සභාව හා පිලිපීනයේ ලොස් බානෝස් විශ්වවිද්‍යාලය අතර කෘෂිකර්ම තාක්ෂණික සහයෝගීතාවය පිළිබදව අවබෝධතා ගිවිසුමකට ද අත්සන් තැබිණි.

ජාතික කෘෂිකර්ම පර්යේෂණ පද්ධතියේ විද්‍යාඥයන්ට පශ්චාත් උපාධි පාඨාමාලා සඳහා අවස්ථාව උදාකර දීම එහි අරමුණයි.z


News Articles
Latest Videos
Most Popular Post