News Line| Off Air
Generic placeholder image

Jan
17

සූක්ෂමව හෙරොයින් සැගවූ තැන

475 Views


සූක්ෂමව හෙරොයින් සැගවූ තැන

හෙරොයින් මත්කුඩු පැකට්ටුවක් රෝල්ස් එකක් තුල සගවා ආහාර ලබාදෙන ආකාරයෙන් මාතර මුලස්ථාන පොලීසියේ සිර මැදිරියක රදවා සිටි සැකකරුවෙකුට ලබාදිමට තැත්කළ හිටපු නාවික හමුදා සෙබළෙකු සැකපිට ප‍්‍රශ්න කිරිම සඳහා අත්අඩංගුවට ගත්බව මාතර කොට්ඨාස දුෂණ මර්දන ඒකකය පවසනවා.

මෙසේ අත්අඩංගුවට පත්ව තිබෙන්නේ මාතර, තිහගොඩ ප‍්‍රදේශයේ පදිංචි 34 හැවිරිදි හිටපු නාවික හමුදා සෙබළෙකුය.

මාතර, තිහගොඩ ප‍්‍රදේශයේදි හෙරොයින් මත්කුඩු මිලිග්‍රෑම් 212 ක් සමග සැකපිට අත්අඩංගුවට ගත් පුද්ගලයා පොලීසිය අධිකරණය වෙත ඉදිරිපත් කරන තුරු මාතර මුලස්ථාන පොලිසියේ සිර මැදිරියක රදවා තිබු අතර ඔහු බැලිමට පැමිණි ඔහුගේ මිතුරකු වන හිටපු නාවික සෙබලා රෝල්ස් එකක් හා සම්බල් පාන් එකක් රැගෙනවිත් තිබුණි. මේ සම්බන්ධව පොලීසියට සැකසිති පරීක්ෂා කර බැලිමේදි රෝල්ස් එකතුළ මිලි ග්‍රෑම් 500 ක මත්කු ඩු පැකට්ටුවක් හමුවි තිබු අතර පසුව අදාළ නාවික සෙබළා සැකපිට අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සැකකරුවන් දෙදෙනා අධිකරණය වෙත ඉදිරිපත් කිරිමට නියමිත අතර මාතර කොට්ඨාස දුෂණ මර්දන ඒකකයේ ස්ථානාධිපති අජිත් මෙන්ඩිස් මහතාගේ මුලිකත්වයෙන් ඉදිරි පරික්ෂණ මෙහෙයවයි.


News Articles
Latest Videos
Most Popular Post