News Line| Off Air
Generic placeholder image

Jan
17

හිටපු මහඇමති විග්නේශ්වරන් නව උතුරු ආණ්ඩුකාරවරයා හමුවෙයි

768 Views


හිටපු මහඇමති විග්නේශ්වරන් නව උතුරු ආණ්ඩුකාරවරයා හමුවෙයි

උතුරු පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය සී.වී විග්නේශ්වරන් මහතා උතුරු පළාත් නව ආණ්ඩුකාර සුරේන් රාගවන් මහතා ඊයේ (16) සවස හමු වී තිබෙනවා.

නව ආණ්ඩුකාරවරයා වශයෙන් වැඩ භාරගැනීමෙන් පසුව සුබ පැතීම සඳහා හිටපු උතුරු පළාත් ප්‍රධාන අමාත්‍යවරයා උතුරු පළාත් ආණ්ඩුකාර කාර්යාලයේදී මෙසේ හමු වුණා.

එම හමුවේදී උතුරේ දෙමළ ජනතාවගේ සංවර්ධනය සහ ඔවුන්ගේ ගැටලු සම්බන්ධයෙන් සාකච්ඡාවක නිරතව ඇති අතර එහිදී උතුරේ දෙමළ ජනතාවගේ ගැටලු සම්බන්ධයෙන් මධ්‍යම රජයේ සම්බන්ධීකරණයෙන් විසඳුම් ලබා ගන්නා ආකාරය සම්බන්ධයෙන්ද මෙම හමුවේදී දෙපාර්ශවය සාකච්ඡා කොට තිබෙනවා.

මීට අමතරව උතුරේ පවතින වත්මන් දේශපාලනික වාතාවරණය සම්බන්ධයෙන්ද හිටපු මහඇමති විග්නේශ්වරන් හා උතුරු ආණ්ඩුකාරවරයා අතර සාකච්ඡාවක් පැවතුණා.


News Articles
Latest Videos
Most Popular Post