ජනපතිවරණයක් පැමිණෙන්නේනම් ඒ සඳහා අවශ්‍ය වැඩ කටයුතු කිරීමට තමාද සූදානම් බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් දයාසිරි ජයසේකර මහතා පවසනවා. ඔහු මේ බව පැවසූයේ අද (18) ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ මූලස්ථානයේ දී පැවති මාධ්‍ය හමුවකදීයි.
කෙසේවෙතත් ජනාධිපතිවරණය කැඳවිය යුත්තේ 2019 වසර අවසානයේ දී බව කියූ ජයසේකර මහතා ඊට පෙර පළාත් සභා මැතිවරණය පැවැත්විය යුතු බව ද සඳහන් කළා.
වත්මන් ආණ්ඩුව පළාත් සභා මැතිවරණයට බියවී ඇති බවත් මේ මොහොතේ ජනාධිපතිවරණයක් ගැන කතා නොකර දැනටමත් කල් දමමින් තිබෙන පළාත් සභා ඡන්දය ඉක්මනින් පැවැත්වීමට කටයුතු කරන්නැයි තමන් ආණ්ඩුවෙන් ඉල්ලා සිටින බව ත් ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළා.